Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

මිද්දෙණියේ දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ

Misleading
Misleading

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවෙකු මිය ගියේ රඹුටන් ඇටයක් සිරවීමෙන් නොවන බවත්, හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බවත් බවත් FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූලි 9, 2025

මිද්දෙණිය ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවෙකු රඹුටන් ඇටයක් සිරවීම හේතුවෙන් මරණයට පත් වූ බව කියන ඛේදජනක පුවතක් ඊයේ (08) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. නිවසේදී රඹුටන් කමින් සිටියදී එහි ඇටයක් උගුරේ සිරවීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව එහි දක්වා තිබුණි. එමෙන්ම මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් හරහා ද විකාශය කර තිබුණි.

නමුත් අද (09) උදෑසන වන විට එම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූයේ එම දරුවා මියගොස් ඇත්තේ රඹුටන් ඇටයක් සිරවීමෙන් නොව හදිසි හෘදයාබාධයක් ඇතිවීමෙන් බව ය.

මෙම පළකිරීම්හි ඇති පරස්පරතාවන් හේතුවෙන් FactSeeker එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීය.

ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කෙරෙන මිද්දෙණිය පොලිස් ස්ථානයෙන් අපි මේ පිළිබඳ කරුණු විමසුවෙමු. එහිදී මිද්දෙණිය පොලීසිය සඳහන් කළේ, හෘදයාබාධයකට සමාන හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි. දරුවා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බව රෝහලෙන් පොලීසියට දැනුම් දුන් බව ද ඔවුහු අනාවරණය කළහ. එමෙන්ම රඹුටන් ඇටයක් සිරවීමෙන් මෙම මරණය සිදු වූ බවට රෝහලෙන් දුන් ප්‍රකාශයේ සඳහන් කර නැති බවද ඔවුහු පැවසූහ.

එමෙන්ම දරුවා රෝහල්ගත කරන අවස්ථාවේ ඔහුගේ භාරකරුවන් විසින් දරුවා අසනීප වන අවස්ථාවේදී රඹුටන් ආහාරයට ගනිමින් සිටියේ යැයි වෛද්‍යවරුන්ට පවසා ඇති බව මිද්දෙණිය පොලිස් ස්ථානයෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඇතැම් පෝස්ටුවල එම දරුවාගේ පියා ද ඒ අයුරින්ම මියගිය බව දක්වා තිබූ අතර පොලිස් ස්ථානයෙන් ඒ පිළිබඳ විමසීමේදී පවසා සිටියේ පියා මීට වසර 3කට පෙරදී මියගොස් ඇති බවයි.

මෙම තොරතුරු අනුව මිද්දෙණිය ප්‍රදේශයේ මිය ගිය මෙම පස් හැවිරිදි දරුවා මිය ගියේ, රඹුටන් ඇටයක් සිරවීමෙන් නොවන බවත්, හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවත් FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection