Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

මිද්දෙණියේ දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ

Misleading
Misleading

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවෙකු මිය ගියේ රඹුටන් ඇටයක් සිරවීමෙන් නොවන බවත්, හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බවත් බවත් FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.

by Anonymous |

ජූලි 9, 2025

මිද්දෙණිය ප්‍රදේශයේ පස් හැවිරිදි දරුවෙකු රඹුටන් ඇටයක් සිරවීම හේතුවෙන් මරණයට පත් වූ බව කියන ඛේදජනක පුවතක් ඊයේ (08) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. නිවසේදී රඹුටන් කමින් සිටියදී එහි ඇටයක් උගුරේ සිරවීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව එහි දක්වා තිබුණි. එමෙන්ම මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් හරහා ද විකාශය කර තිබුණි.

නමුත් අද (09) උදෑසන වන විට එම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූයේ එම දරුවා මියගොස් ඇත්තේ රඹුටන් ඇටයක් සිරවීමෙන් නොව හදිසි හෘදයාබාධයක් ඇතිවීමෙන් බව ය.

මෙම පළකිරීම්හි ඇති පරස්පරතාවන් හේතුවෙන් FactSeeker එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීය.

ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කෙරෙන මිද්දෙණිය පොලිස් ස්ථානයෙන් අපි මේ පිළිබඳ කරුණු විමසුවෙමු. එහිදී මිද්දෙණිය පොලීසිය සඳහන් කළේ, හෘදයාබාධයකට සමාන හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි. දරුවා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බව රෝහලෙන් පොලීසියට දැනුම් දුන් බව ද ඔවුහු අනාවරණය කළහ. එමෙන්ම රඹුටන් ඇටයක් සිරවීමෙන් මෙම මරණය සිදු වූ බවට රෝහලෙන් දුන් ප්‍රකාශයේ සඳහන් කර නැති බවද ඔවුහු පැවසූහ.

එමෙන්ම දරුවා රෝහල්ගත කරන අවස්ථාවේ ඔහුගේ භාරකරුවන් විසින් දරුවා අසනීප වන අවස්ථාවේදී රඹුටන් ආහාරයට ගනිමින් සිටියේ යැයි වෛද්‍යවරුන්ට පවසා ඇති බව මිද්දෙණිය පොලිස් ස්ථානයෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඇතැම් පෝස්ටුවල එම දරුවාගේ පියා ද ඒ අයුරින්ම මියගිය බව දක්වා තිබූ අතර පොලිස් ස්ථානයෙන් ඒ පිළිබඳ විමසීමේදී පවසා සිටියේ පියා මීට වසර 3කට පෙරදී මියගොස් ඇති බවයි.

මෙම තොරතුරු අනුව මිද්දෙණිය ප්‍රදේශයේ මිය ගිය මෙම පස් හැවිරිදි දරුවා මිය ගියේ, රඹුටන් ඇටයක් සිරවීමෙන් නොවන බවත්, හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවත් FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection