Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

ටිල්වින් සිල්වා ආණ්ඩුව විවේචනය කරන වීඩියෝවක් ද?

Misleading
Misleading

ඉන්ධන මිල ජුනි මස (30) වනදා රාත්‍රියේ සිට ඉහළ ගියේ ය. එම මිල වැඩි වීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය. මෙම මිල දර්ශනය ප්‍රදර්ශනය කර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වන බව FactSeeker ට නිරීක්ෂණය විය.

by Anonymous |

ජූලි 4, 2025

“තෙල් මිල වැඩිකිරීම වහා හකුලා ගන්න නැත්තං ගෙදර යන්න” යනුවෙන් මෙම පෝස්ටුව පළවී තිබුණි. අදාළ වීඩියෝවේ ආණ්ඩුව තෙල් මිල වැඩිකිරීමේ තීරණය සම්බන්ධයෙන් ද ටිල්වින් සිල්වා විවේචනය කරයි.

මෙම පෝස්ටුවට අදහස් දක්වා තිබූ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද එය වත්මන් ආණ්ඩුවේ තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ටිල්වින් සිල්වා කළ අදහස් දැක්වීමක් ලෙස පිළිගෙන අදහස් දක්වා තිබුණි.

ඒ අනුව මෙම වීඩියෝව ටිල්වින් සිල්වා වත්මන් ආණ්ඩුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයට කළ විවේචනයක් ද යන්න සොයා බැලීය.

මේ පිළිබඳ විමර්ශනය කර බැලීමේදී මෙම වීඩියෝව ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ 2018.07.12 වන දින මහරගම නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයකදී ටිල්වින් සිල්වා කළ ප්‍රකාශයක් බව පැහැදිලි විය.

එය 2018.07.13 වන දින “Ada Derana” යූටියුබ් නාලිකාව හරහා විකාශය කර තිබුණි. එහි සබැඳිය මෙතැනින්.

ඒ අනුව, වත්මන් ආණ්ඩුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ මිල දර්ශනය සමග පළ කර ඇති ටිල්වින් සිල්වාගේ වීඩියෝව 2018 වසරේ වීඩියෝවක් බව FactSeeker තහවුරු කරයි .

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection