Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ඩයලොග් නොමිලේ දීමනා ගැන වට්ස්ඇප් පණිවිඩ ව්‍යාජයි

False
False

පැරණි සිම්පත් සඳහා නොමිලේ පිරිනමන ඩේටා දීමනා සම්බන්ධයෙන් ඩයලොග් ආයතනය කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

by Anonymous |

ජූනි 2, 2025

පැරණි ඩයලොග් සිම්පත් භාවිත කරන පාරිභෝගිකයින් වෙත නොමිලේ ඩේටා පිරිනමන බවට වන ශීර්ෂයෙන් වට්ස්ඇප් ඔස්සේ වේගයෙන්  හුවමාරු වන පණිවිඩයක් FactSeeker නිරීක්ෂණය කළේය.

එම ඉංග්‍රීසි බසින් එවන ලද පණිවිඩය පහත දැක්වේ.

“CONGRATULATIONS TO ALL DIALOG OLD CUSTOMERS

DIALOG is Offering Free Data to all OLD SIM CARD

✅6 Month Old Sim – 5GB

✅1 Year and above – 10GB

✅5 Years and above – 50GB

✅10 Years plus – 100GB

Hurry Now and check if your DIALOG SIM CARD is eligible for this offer

CHECK HERE👇

(සබැඳියක් දැක්වේ.)”

අප වෙත ලද ඉල්ලීමක් අනුව වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වන මෙම පණිවිඩය සම්බන්ධයෙන්  FactSeeker කරුණු පරීක්ෂා කළේය.

මේ පණිවිඩයේ සත්‍යාසත්‍යතාව තහවුරු කර ගැනීම කිරීම සඳහා අප ඩයලොග් ආයතනයේ නිල වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය පිටු පරීක්ෂා කළ නමුත් ඊට අදාළ කිසිදු පිළිගත හැකි සටහනක් හෝ නිවේදනයක් නොදැක්විණ.

තවදුරටත් මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා FactSeeker ඩයලොග් ආයතනය සම්බන්ධ කර ගත් අතර ඔවුන් ප්‍රකාශ කළේ මෙම හුවමාරු වන පණිවිඩයේ දැක්වෙන ආකාරයේ දීමනාවක් සිය ආයතනය මගින් පිරිනමන්නේ නැති බවයි. එවැනි ප්‍රවර්ධන දීමනාවක් පිරිනමන්නේ නම් එය ඩයලොග් ආයතනය සෘජුව අදාළ පාරිභෝගිකයාගේ දුරකථන  අංකයට දැනුම්දෙන බව ද එහිදී පැවසීය.

ඒ අනුව, පැරණි ඩයලොග් සිම්පත් භාවිත කරන පාරිභෝගිකයින් වෙත නොමිලේ ඩේටා පිරිනමන බව දැක්වෙන වට්ස්ඇප් පණිවිඩය සාවද්‍ය එකක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

මොරගහකන්ද , වික්ටෝරියා , කොත්මලේ ජලාශ වල වේලි බිදී ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි.

දෙසැම්බර් 1, 2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection