Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

Misleading
Misleading

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලැබූ ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉකුත් 26 දා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි. එම අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් කිහිපදෙනෙකු එක්ව මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු ඇයගේ නිවස තුළ ගී ගයමින් නර්තනයේ යෙදෙන බව සඳහන් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව Factseeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

මැයි 28, 2025

“මාලනී ළඟ අඩපු අය නේද මේ. අලු වෙන්නත් කලින් අමතක වුණා, සුමානෙකට කලින්” යනුවෙන් එම වීඩියෝවේ සටහනක් ද තිබෙනු දක්නට ලැබිණි.

මේ අතර එම වීඩියෝව තවත් අය විසින් හුවමාරු කර ගෙන තිබූ අතර බොහෝ දෙනෙක් ඒ සඳහා අදහස් පළ කර තිබිණි. ඇතැමුන් මෙය පැරණි වීඩියෝවක් බව දක්වා තිබුණි.

සැබවින්ම මෙය මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු පැවැති සාදයක් ද? යන්න පිළිබඳව factseeker කරුණු පරීක්ෂා කළේ ය.
සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් දක්වා තිබූ අදහස් අතර දෙරණ නාලිකාවේ විකාශය වූ ” සිකුරු ඇවිත් ” ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් සඳහා එහි නිෂ්පාදකවරයා විසින් සංවිධානය කළ සාදයක් බව සඳහන් කොට තිබුණි. එම ප්‍රකාශය උපුටා දක්වා තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන් විසින් සිදුකරනු ලැබූවක් ලෙසටය.

පසුව අප නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිනියගේ සමාජ මාධ්‍ය ගිණුම් පිරික්සීමේදී මේ හා සම්බන්ධ වීඩියෝවක් සොයා ගැනීමට හැකිවිය. එහි සංසරණය වන වීඩියෝවේ සිටි පුද්ගලයන් සහ ස්ථානය සමාන බව පෙනී ගියේය.

නිල්මිණි තෙන්නකෝන් එය මැයි මස 12 වනදා උඩුගත කොට තිබූ අතර එදිනම ඇය “සිත නිදි නෑ” සහ “සිකුරු ඇවිත්” ටෙලිනාට්‍ය වල රංගන ශිල්පීන් හා එක්ව දන්සැලක් සංවිධානය කර ඇති අයුරු ද උඩුගත කොට තිබුණි.

ඒ අනුව අදාල වීඩියෝව ජනප්‍රිය රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍යයට සහභාගිවීමෙන් අනතුරුව පැවැති සාදයක් නොවන බවත් එය මැයි 12 වෙනිදා පැවැති දන්සැලකින් පසු රංගන ශිල්පීන් පැවැත්වූ සාදයක අවස්ථාවක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි.

ඔක්තෝබර් 13, 2025

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection