Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

Misleading
Misleading

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලැබූ ප්‍රවීන රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉකුත් 26 දා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි. එම අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් කිහිපදෙනෙකු එක්ව මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු ඇයගේ නිවස තුළ ගී ගයමින් නර්තනයේ යෙදෙන බව සඳහන් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව Factseeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

මැයි 28, 2025

“මාලනී ළඟ අඩපු අය නේද මේ. අලු වෙන්නත් කලින් අමතක වුණා, සුමානෙකට කලින්” යනුවෙන් එම වීඩියෝවේ සටහනක් ද තිබෙනු දක්නට ලැබිණි.

මේ අතර එම වීඩියෝව තවත් අය විසින් හුවමාරු කර ගෙන තිබූ අතර බොහෝ දෙනෙක් ඒ සඳහා අදහස් පළ කර තිබිණි. ඇතැමුන් මෙය පැරණි වීඩියෝවක් බව දක්වා තිබුණි.

සැබවින්ම මෙය මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු පැවැති සාදයක් ද? යන්න පිළිබඳව factseeker කරුණු පරීක්ෂා කළේ ය.
සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් දක්වා තිබූ අදහස් අතර දෙරණ නාලිකාවේ විකාශය වූ ” සිකුරු ඇවිත් ” ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් සඳහා එහි නිෂ්පාදකවරයා විසින් සංවිධානය කළ සාදයක් බව සඳහන් කොට තිබුණි. එම ප්‍රකාශය උපුටා දක්වා තිබුණේ ජනප්‍රිය රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන් විසින් සිදුකරනු ලැබූවක් ලෙසටය.

පසුව අප නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිනියගේ සමාජ මාධ්‍ය ගිණුම් පිරික්සීමේදී මේ හා සම්බන්ධ වීඩියෝවක් සොයා ගැනීමට හැකිවිය. එහි සංසරණය වන වීඩියෝවේ සිටි පුද්ගලයන් සහ ස්ථානය සමාන බව පෙනී ගියේය.

නිල්මිණි තෙන්නකෝන් එය මැයි මස 12 වනදා උඩුගත කොට තිබූ අතර එදිනම ඇය “සිත නිදි නෑ” සහ “සිකුරු ඇවිත්” ටෙලිනාට්‍ය වල රංගන ශිල්පීන් හා එක්ව දන්සැලක් සංවිධානය කර ඇති අයුරු ද උඩුගත කොට තිබුණි.

ඒ අනුව අදාල වීඩියෝව ජනප්‍රිය රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍යයට සහභාගිවීමෙන් අනතුරුව පැවැති සාදයක් නොවන බවත් එය මැයි 12 වෙනිදා පැවැති දන්සැලකින් පසු රංගන ශිල්පීන් පැවැත්වූ සාදයක අවස්ථාවක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection