Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

කොවිඩ් නව දරුණු ප්‍රභේදයක් වාර්තා වී නෑ

False
False

කොවිඩ් 19 වෛරසයේ JN.1 ලෙස නම් කළ ප්‍රභේදයක් දකුණු ආසියාතික රටවල ව්‍යාප්ත වෙමින් පවතින බව මේ දිනවල විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු නිල නිවේදනයක් මේ වන තෙක් නිකුත් කර නොමැත.

by Anonymous |

මැයි 21, 2025

මේ සම්බන්ධයෙන් දේශීය මෙන්ම විදේශීය මාධ්‍යයන් වලද තොරතුරු අනාවරණය කර තිබුණි.

මෙම වෛරසය ශ්‍රී ලංකාවේද පැතිර තිබෙන බව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින බව Factseeker ට නිරීක්ෂණය විය.

මේ නිසා ශ්‍රී ලංකාවට එවැනි වසංගත අවදානමක් පවතින්නේ ද? යන්න පිළිබඳව Factseeker සොයා බැලීය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, මේ දිනවල ඩෙංගු, චිකුන්ගුන්යා, ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් යන රෝග අඩු වැඩි වශයෙන් පවතින බවය.

කෙසේ වෙතත් වසංගත තත්ත්වයක පැවතුන රෝගයක් නැවත “නව රෝගයක්” නොවන බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් සමයේ අවසාන වශයෙන් හඳුනාගත් ප්‍රභේදය තවමත් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සමාජ මාධ්‍ය පෝස්ටු වල සඳහන් ආකාරයේ නව වෛරසයක් පිළිබඳව අප විමසූ අතර ඒ සම්බන්ධයෙන් වාර්තා වී නැති බව බටුවන්තුඩාව මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ දරුණු කොවිඩ් වෛරසයක් ඇති බව දක්වමින් සංසරණය වන මෙම පෝස්ටුවේ දිගුව හරහා සොයා බැලීමේදී එහි අන්තර්ගතය තුළ ඇතුළත් වන්නේ Dr. Ritesh Kumar යන අයෙකු විසින් දක්වන ලද ප්‍රකාශයක් බව අපට නිරීක්ෂණය විය.

එම ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කිරීමේදී එය Dr.Ritesh kumar, Pulmonologist යන ෆේස්බුක් ගිණුම හරහා 2021.03.30 පළකර ඇති බව අනාවරණය විය.

එසේම ඊට ආසන්න කාලයේදී එම පණිවිඩය බෙදාහරිනු ලැබූ වෙනත් පෝස්ටුද සොයා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකාවේ සිංහල බසින් සංසරණය වන්නේ මෙම පණිවිඩයේ සිංහල පරිවර්තනයකි.

ඒ අනුව මෙම පණිවිඩය මෑත දිනකදී පළ කරන ලද්දක් නොවන බව පැහැදිලි විය.

මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයෙන් FactSeeker කළ විමසීමේදී හෙළි වූයේ දැනට ශ්‍රී ලංකාවේ එවැනි නව ප්‍රභේදයක් හඳුනාගෙන නොමැති බවයි.

ඒ අනුව දරුණු කොවිඩ් වෛරසයක් ශ්‍රී ලංකාවේ යනුවෙන් සංසරණය වන පෝස්ටුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එහි අන්තර්ගතයේ ඇතුළත් තොරතුරු ද පැරණි ඒවා බවත් FactSeeker විසින් තහවුරු කරගන්නා ලදී.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection