Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Factchecked

අගමැති කාර්යාලය පොලිසියෙන් ඉල්ලුවේ හයේෂිකාට ප්‍රභූ ආරක්ෂාව නොවේ!

Misleading
Misleading

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති දේශකවරියක වන හයේෂිකා ප්‍රනාන්දුට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත්තේ මුදල් ගෙවීමකට අනුවයි.

by Anonymous |

අප්‍රේල් 24, 2025

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති දේශකවරියක වන හයේෂිකා ප්‍රනාන්දුට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත්තේ අගමැති කාර්යාලයේ ඉල්ලීමක් අනුව බවට දැක්වෙන පුවත් වාර්තා හා සමාජ මාධ්‍ය පළකිරීම් රැසක් සම්බන්ධයෙන් FactSeeker කරුණු පරීක්ෂා කළේය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති දේශිකාවක් වන හයේෂිකා ප්‍රනාන්දු පසුගිය අප්‍රේල් 17 වනදා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේදී උපහාර උළෙලක් පැවැත්වීය.

මෙම උළෙලට ඇගේ මාර්ගගත උපකාරක පන්ති සඳහා සම්බන්ධ වී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සහභාගී කරවීය. මෙම උපහාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබුණු බව ඒ සම්බන්ධයෙන් ප්‍රචාරය වූ වීඩියෝ නිරීක්ෂණය කිරීමේදී දැක ගත හැකි විය .

මෙම උත්සවය ආරම්භයේදී හයේෂිකා ප්‍රනාන්දු ආරක්ෂක රථ පෙරටු කරගනිමින් උත්සව භූමියට පැමිණෙයි. ඇය ඒ සඳහා  ශ්‍රී ලංකා පොලීසියේ රථ වාහන ඇතුළත් ප්‍රභූ ආරක්ෂාවක් ලබා ගෙන තිබුණු බව ප්‍රධාන ධාරාවේ මෙන්ම සමාජ මාධ්‍යවල මහත් කතාබහට ලක් වී තිබිණි.

රටක සාමාන්‍ය පුරවැසියෙකු එවැනි ආරක්ෂාවක් ලබා ගන්නේ කෙසේ ද? යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ප්‍රශ්න කර ඇත.

මේ අතර හයේෂිකා ප්‍රනාන්දුට පොලිස් ආරක්ෂාව දී ඇත්තේ ආණ්ඩුව විසින් බවත් ඒ සඳහා අගමැති කාර්යාලයෙන් පොලිසියට ඉල්ලීමක් කර ඇති බවත් සමාජ මාධ්‍ය හරහා පෝස්ටු සංසරණය වන බව Factseeker ට නිරීක්ෂණය විය.

මෙම උපහාර උළෙල පිළිබඳව දැඩි ලෙස කතාබහට ලක්වීමෙන් පසු හයේෂිකා ප්‍රනාන්දු ද Zoom තාක්ෂණය ඔස්සේ දෙමාපිය හමුවක් පවත්වා එය සජීවී විකාශයක් ලෙස මුදා හැර තිබිණි.

එය මෙතැනින්.

එසේම හයේෂිකා ප්‍රනාන්දු මේ සඳහා  යොමුකළ ඉල්ලීම් ලිපිය ඇතුළත් කරමින් සුදත්ත තිලක්සිරි තම suda creation නැමැති  youtube චැනලය හරහා වැඩසටහනක් ද කර තිබුණි. එම වැඩසටහනේදී හයේෂිකා ප්‍රනාන්දු වෙනු‌වෙන් Queen’s Education Group හි අධ්‍යක්ෂක එච්. එම්. සී. විශ්වජිත්ගේ අත්සනින් යුතුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට යොමු කරන ලද ලිපිය ප්‍රදර්ශනය කරයි.

එම වීඩියෝව මෙතැනින්.

මෙම ලිපියේ සඳහන් වන්නේ පැහැදිලි ලෙසම එය එම උත්සවයට සහභාගී වන දෙමව්පියන් හා දූදරුවන්ගේ ආරක්ෂාව සඳහා ඉල්ලීම් කරන ලද්දක් බවයි.

එම ලිපිය පහතින්.

ඒ අනුව හයේෂිකා ප්‍රනාන්දුට ප්‍රභූ ආරක්ෂාවක් ලබාදීම සඳහා ආණ්ඩුවෙන් හෝ අගමැති කාර්යාලයෙන්  අනුමැතියක් ලබා දී තිබේද? යන්න පිළිබඳව Factseeker විමර්ශනය කළේය.

එහිදී මේ සම්බන්ධයෙන් අගමැති මාධ්‍ය ලේකම් විජිතා බස්නායකගෙන් FactSeeker කළ විමසීමේදී ඇය ප්‍රකාශ කළේ, මෙම උපහාර උළෙලට දරුවන් සහ දෙමව්පියන් 30,000ක පමණ පිරිසක් සහභාගි වීමට නියමිත බැවින් ඒ සඳහා ආරක්ෂාව ලබා දෙන මෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. නමුත් හයේෂිකා ප්‍රනාන්දු යොදා ගන්නා ආරක්ෂක ක්‍රියාමාර්ග හෝ ඇයට ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නැයි එමගින් ඉල්ලීම් නොකළ බව විජිතා බස්නායක වැඩිදුරටත් සඳහන් කළාය.

හයේෂිකා ප්‍රනාන්දු වෙනු‌වෙන් Queen’s Education Group හි අධ්‍යක්ෂක එච්. එම්. සී. විශ්වජිත් විසින් 2025.04.02 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයට ලිපියක් යොමු කරමින් මෙම උත්සවය සඳහා ආරක්ෂාව ඉල්ලා ඇත. එම ලිපිය සහ ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය පොලිස්පතිවරයාගෙන් සිදු කළ ඉල්ලීම ඇතුළත් ලිපිය පහතින්.

ඒ අනුව දරුවන් සහ දෙමව්පියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන උත්සවය සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙස මිස පෞද්ගලික ආරක්ෂාවක් ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීම් කර නොමැති බව Factseeker තහවුරු කරගන්නා ලදී.

පසු විපරම – හයේශිකා ප්‍රනාන්දුට පොලිස් ආරක්ෂාව දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඉකුත්රී මැයි 17 වෙනි දින ශ්‍රී ලංකා පොලිස් රථවාහන කොට්ඨාශයට තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් ඉදිරිපත් කළේය.

එම ලිපියට පිළිරු ලබා දුන් ඔවුන් සඳහන් කර තිබුණේ, Queen Education Group PVT Ltd හි කළමණාකරු එච්.එම්.සී. විශ්වජිත් නැමැති අයගේ ඉල්ලීමකට අනුව පොලිස් ආරක්ෂාව ලබා දුන්නේ මුදල් ගෙවීමකට අනුු බවය. ඒ අනුව මේ සඳහා රුපියල් 1 33 485.00 ක මුදලක් අයකර ඒ සඳහා කුවිතාන්සියක් ද නිකුත් කර තිබෙන බව එම පිළිතුරු ලිපියේ සඳහන් කර තිබිණි.

ඒ අනුව මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු උප පොලිස් පරීක්ෂක නිලධාරීන් 4 ක් පොලිස් කොස්තාපල්වරු 20 ක් පොලස් යතුරුපැදි නිලධාරීන් සමග යතුරු පැදි 4 ක් සහ පොලිස් මෝටර් රථයක් එම උත්සව අවස්ථාවට ලබා දුන් බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව පහේ ශිෂ්‍යත්ව උපකාරක පන්ති උපදේශිකා හයේෂිකා ප්‍රනාන්දු ඉහත කී උත්සවය සඳහා පොලිස් ආරක්ෂාව ගෙන ඇත්තේ මුදල් ගෙවීමකින් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වු‌ණේ ධම්මික දසනායකයි

මැයි 14, 2025

පුංචි ආණ්ඩුව නොදින්නොත් ජනාධිපතිවරයාට මුදල් නොදී ඉන්න පුළුවන්ද?

මැයි 2, 2025

වතුරෙන් දුවන මෝටර් රථයක් නිර්මාණය කළ බවට පළ වූ පුවත අසත්‍යයි

අප්‍රේල් 1, 2025

හුවමාරු වන ඡායාරූපය 88/89 භීෂණ සමයේ නොවේ

මාර්තු 17, 2025

පාසැල්වල කටයුතු සඳහා දේශපාලනඥයින් සහභාගී කර නොගන්නැයි අගමැතිනිය නියෝග කළා ද?

මාර්තු 14, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection