Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

Daraz එකෙන් රපියල් 644 කට Samsung Galaxy S24 Ultra දුරකථනයක් ගන්න පුළුවන් ද ?

False
False

දකුණු ආසියාවේ ප්‍රමුඛතම විද්‍යුත් වානිජ වෙළඳපලක් වන Daraz, ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල මාර්ගගත වෙළද කටයුතුවල නිරත වේ. Daraz යනු ශ්‍රී ලංකාව තුළ විශාලතම මාර්ගගත සාප්පු සවාරි (Online shopping) වේදිකාවක් වන්නේ ය.

by Anonymous |

අප්‍රේල් 5, 2025

මෙවැනි ජනප්‍රියත්වයක් සහිත Daraz ආයතනය මගින් රුපියල් 644.00 ක මුදලකට Samsung Galaxy S24 Ultra වර්ගයේ ජංගම දුරකථනයක් ලබා ගැනීම සඳහා දිනුම් ඇදීමක් පවතින බව සඳහන් කරමින්  මේ දිනවල ෆේස්බුක් හරහා පණිවුඩයක් හුවමාරු වෙමින් පවතී.

මේ පිළිබඳ තොරතුරු සැක සහිත වූ බැවින් කරුණුවල සත්‍යා සත්‍යතාව සොයා බැලීමට FactSeeker කටයුතු කළේය.

මෙම පළ කිරීම සම්බන්ධයෙන් මූලික නිරීක්ෂණයන්වලදී හඳුනා ගැනුනේ, අදාළ පළ කිරීමේ භාෂා භාවිතය සහ ව්‍යාකරණ දෝෂ බහුල බවත්, අදහස් පළ කිරීම්වල ද එවැනි ම ආකාරයේ ව්‍යාකරණ දෝෂ සහිත බවත් ය. එමෙන්ම ශ්‍රී ලාංකිකයෙකු විසින් පළ කරන ලද මෙම පෝස්ටුවට විදෙස් පුද්ගලයින්ගේ ගිණුම්වලින් සිංහල භාෂාවෙන් අදහස් පළ කර තිබෙන ආකාරයත් දැක ගැනීමට හැකි විය.

එම ගිණුම්වලට පිවිස නිරීක්ෂණය කිරීමේදී ඒ සියල්ල ව්‍යාජ ලෙස සකසන ලද ගිණුම් බව පැහැදිලි විය. ඇතැම් ෆේස්බුක් ගිණුම්වල අනුගාමිකයින් 15ක් වැනි ප්‍රමාණයක් දැක්වුනද එම අනුගාමිකයින්ගේ ගිණුම් නිරූපණය නොවීම තුළ බොට්ස් (Bots) උපක්‍රම භාවිත කරමින් අනුගාමිකයින් ප්‍රමාණය සකසාගෙන ඇති ව්‍යාජ ගිණුම් බව නිරීක්ෂණය කළ හැකි ය.

මේ අනුව එම පළ කිරීම ව්‍යාජ එකක් බව තහවුරු කර ගැනීමට අවශ්‍ය මූලික සාධක තහවුරු කර ගැනීමට FactSeeker හට හැකි විය.

එසේම මෙම පළකිරීම තුළ වැඩිදුරටත් සඳහන් වූයේ, අදාළ දීමනාව ලබා ගැනීම සඳහා එහි ඇති සබැඳියෙන් පිවිස ඔබගේ විස්තර ලබා දිය යුතු බවයි. නමුත් මෙවැනි දීමනාවක් හෝ ත්‍යාග උපක්‍රමයක් සම්බන්ධයෙන් Daraz නිල වෙබ් අඩවියේ කිසිඳු සඳහනක් සොයා ගත නොහැකි විය.

ඒ අනුව මෙම සබැඳිය ව්‍යාජ සබැඳියක්ද (Scammed Link) යන්න සොයා බැලීම සඳහා URLVoid වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව පරීක්ෂා කළ අතර ලැබූ ප්‍රතිඵල අනුව එම සබැඳියෙන් පිවිසීමට ඇති වෙබ් අඩවිය, Darazවෙබ් අඩවියේ ව්‍යාජ අනු පිටපතක් බව තහවුරු කර ගත හැකි විය.  එසේම  Daraz නිල වෙබ් අඩවියේ සබැඳිය ද  මාර්ගගතව පරීක්ෂා කළ අතර ලැබූ ප්‍රතිඵල පහත පරිදි සංසන්දනය කළ හැකිය.

මේ අනුව සෙවුම්‍ යන්ත්‍ර 39ක් ඔස්සේ මෙම සබැඳි දෙකම පරීක්ෂා කර තිබෙන අතර එම සෙවුම් යන්ත්‍ර 39 තුළින්ම නිල වෙබ් අඩවිය හඳුනාගෙන තහවුරු කර ඇත. නමුත් සෙවුම් යන්ත්‍ර 39න් 06කටම  ව්‍යාජ වෙබ් අඩවිය හඳුනාගැනීමට නොහැකි වූ බව ප්‍රතිඵල තුළින් පෙනී යන අතර එම වෙබ් අඩවිය ව්‍යාජ එකක් බව මේ ඔස්සේ පැහැදිලි වේ.

එසේම විදෙස් පුද්ගලයෙකුගේ ගිණුමකින් මේ හා සමානවම දීමනාවක් පිළිබඳ පළ කර තිබූ ෆේස්බුක් පළ කිරීමක් ව්‍යාජ බව පෙන්වා දෙමින් පළ කරන ලද තොරතුරක් අපට හමු විය. එම ව්‍යාජ පළ කිරීම සහ ශ්‍රී ලංකාවේ හුවමාරු වන පළ කිරීම සසඳා බැලීමේදී අන්තර්ගතය අතිශය සමාන බව පැහැදිලි වීම තුළ මෙම පළ කිරීම ව්‍යාජ එකක් බව වැඩි දුරටත් තහවුරු විය.

බොහෝ විට ඉතාමත් වාසිදායක වට්ටම් සහිත බව පැවසෙන තොරතුරු ඇතුළත් වීම, අඳාළ සබැඳිය කෙටි සබැඳියක් (Short URL) ලෙස පළ කිරීම, සබැඳිය මත ක්ලික් කිරීමෙන් වෙනත් වෙබ් පිටුවකට හෝ දැන්වීම් බොහෝමයක් සහිත වෙබ් පිටුවක පරිශීලකයා අතරමං වීම, පළ කිරීමේ ව්‍යාකරණ දෝෂ සහිත වීම සහ ගිණුම් හිමියා සහ අදහස් පළ කරන ලද ෆේස්බුක් ගිණුම් ව්‍යාජ වීම් මෙන්ම එකම ගිණුම තුළ අදාළ පළ කිරීම කිහිප වතාවක් පළ වී තිබීම වැනි ලක්ෂණ වංචනික තොරතුරු බෙදා හැරෙන ෆේස්බුක් පළ කිරීමක දැකගත හැකි ප්‍රධාන ලක්ෂණ වේ.

කෙසේ නමුත් මෙම ලක්ෂණ සියල්ලක්ම ඉහත ෆේස්බුක් පළ කිරීම නිරීක්ෂණය කිරීමේදී FactSeeker හඳුනාගත හැකි විය.

ඒ අනුව Daraz ආයතනය මඟින් රු:644ක මුදලකට Samsung Galaxy S24 Ultra වර්ගයේ ජංගම දුරකථනයක් ලබා ගැනීම සඳහා දිනුම් ඇදීමක් පවතින බව සඳහන් කරමින් හුවමාරු වන ෆේස්බුක් පළ කිරීම ව්‍යාජ එකක් බවත් එහි සඳහන් සබැඳිය වංචනික සබැඳියක් (Scammed Link) බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

Related Content

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection