Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

“ඩේලි සිලෝන්” වෙබ් අඩවියේ නොමග යවන සුළු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක්

Misleading
Misleading

ළමා විවාහ ස්ථාපිත කිරීම සඳහා, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කරන ලෙස සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උතුමා ලෙබ්බේ පාර්ලිමේන්තුවේදී විරෝධයක් දැක්වීය.

by Anonymous |

මාර්තු 19, 2025

“ළමා විවාහ සඳහා අවසර දුන් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට රජය උපදෙස් දෙයි – අමාත්‍ය සරෝජා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහතික කරයි.” යනුවෙන් ඩේලි සිලෝන් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක සිරස්තලයක් හේතුවෙන් ඉකුත්  17 දා පාර්ලිමේන්තුවේදී මෙම විරෝධය ඇති විය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී විවාහ හා දික්කසාද පනත පිළිබඳව ළමා විවාහ ස්ථාපිත කිරීම වශයෙන් විශේෂත්වයක් දක්වා ඇතැයි මෙම ප්‍රවෘත්තිය මගින් පැහැදිළි වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

පාර්ලිමේන්තු ප්‍රකාශය මෙතැනින් –  https://www.youtube.com/live/LN2VFYmR96g?t=18772s

එමෙන්ම උතුමා ලෙබ්බේ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දුන් සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී තමා එවැනි ප්‍රකාශයක් කළ බවට සඳහන් පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ඩේලි සිලෝන් වෙබ් අඩවිය මඟින් අසත්‍ය තොරතුරු පතුරුවා හරින බවට ද ඇය චෝදනා කළේය.  නොමඟ යවන සුළු අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් එම වෙබ් අඩවියට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

මේ සම්බන්ධයෙන් ඩේලි සිලෝන් වෙබ් අඩවිය ද පැහැදිළි කිරීමක් කර ඇත.

එය මෙතැනින් – https://www.facebook.com/watch/?v=1037551734882964&rdid=G223JnwGUxmTi8sA

මෙය පාර්ලිමේන්තුවේදී මතභේදයකට තුඩු දීම නිසා FactSeeker ඒ පිළිබඳව විමර්ශනය කළේ ය. මෙම ලිපිය එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මත පදනම් වූ බව ද ඩේලි සිලෝන් වෙබ් අඩවිය  සඳහන් කර ඇත.

FactSeeker  අදාළ වාර්තාව නිරීක්ෂණය කළ අතර එහි අන්තර්ගතය තුළ එවැනි කිසිදු සඳහනක් නොවීය.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙන් ළමා විවාහවලට අවසර දී ඇති බව අමාත්‍ය පෝල්රාජ් කිසිදු සඳහනක් කර නැති බව පැහැදිලිය. ඩේලි සිලෝන් වෙබ් අඩවියෙහි මෙම සිරස්තලය නොමඟ යවන සුළු බව FactSeeker ට නිරීක්ෂණය විය.

ඒ වෙනුවට කාන්තා හා ළමා අයිතිවාසිකම් සංස්කෘතික අයිතීන් සමඟ සමතුලිත කිරීම සඳහා පනතේ ඇති විය හැකි සංශෝධන පිළිබඳව රජය උපදෙස් ලබාගෙන ඇති බවත්, අවම විවාහ වයස් සීමාවක් නියම කිරීම සහ බහු ආංශික කමිටුවක් පිහිටුවීම ඇතුළු කරුණු පිළිබඳ අමාත්‍යවරිය එහිදී අවධාරණය කර ඇත.

අමාත්‍ය බිමල් රත්නායක සහ මුනීර් මුලාබර් නියෝජ්‍ය අමාත්‍යවරයා  ද ඉකුත් 18 වැනි දින පාර්ලිමේන්තු සැසියේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළහ. ඔවුන් ද ප්‍රකාශ කළේ සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය එවැනි කිසිදු ප්‍රකාශයක් කර නැති බවයි.

ඩේලි සිලෝන් වෙබ් අඩවියේ පළ වූ ලිපියේ අන්තර්ගතය නිවැරදි වු නමුත්,  සිරස්තලය නොමඟ යවන සුළු බව Factseeker සඳහන් කරයි.

 

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

අප්‍රේල් 25, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection