Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

යාල වනයේදී අලියෙකු කොටි පැටවෙකු ඔසවා ගෙන යන වීඩියෝව AI නිර්මාණයක්

False
False

කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සමාජ මාධ්‍යයේ විවිධාකාරයෙන් වීඩියෝ නිර්මාණය වීම මේ වන විට සුලබ වී ඇත. නමුත් එය සමාජමය වශයෙන් සිදු කරනු ලබන බලපෑම මත සලකා බැලීමේදී යහපත් තත්ත්යකට වඩා අයහපත් තත්ත්වයකට ගමන් කිරීම අවධාරණය කළ යුතුව ඇත.

by Anonymous |

පෙබරවාරි 26, 2025

කෙසේ නමුත් මේ දිනවල යාල වනෝද්‍යානයේ කොටි පැටවෙකු හොඬවැලෙන් ඔසවාගෙන යන අලියෙකුගේ දර්ශනයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පුළුල් ලෙස සංසරණය වෙමින් පවතින ආකාරය FactSeeker නිරීක්ෂණය කළේ ය. එම වීඩියෝව මෙතැනින්:

https://www.facebook.com/watch/?v=9339567692804883&rdid=rhaA9yCjXMCDeXsS
https://www.facebook.com/share/v/1DWxP935kW/?mibextid=wwXIfr

මෙම වීඩියෝව බැලූ බැල්මටම සත්‍ය සිදුවීමකට අදාල දර්ශනයන් නොවන බව පැහැදිලි වේ. එනම් අලියාගේ සහ කොටි පැටවාගේ චලනයන් ඉතාම සුමට වීම සහ වීඩියෝවේ රූපරාමුවල ගුණාත්මකබාවය අවම වීම මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. මීට අමතරව අලියා කොටි පැටවා බිම තබන අවස්ථාවේ කොටි පැටවාගේ වලිගය එක වර පෙනී නොපෙනී යාම, කොටි පැටවා ගමන් කරන විට පාද හතරකට වඩා ප්‍රමාණයක් නිරූපණය වීම මෙන්ම ඇතැම් අවස්ථාවල කොටි පැටවාගේ මුහුණේ හැඩය විකෘති වී පෙනීම FactSeeker නිරීක්ෂණය කරන ලදී.

එසේම Deepware වෙබ් අඩවිය ඔස්සේ මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය යොදාගෙන සිදු කරන ලද නිර්මාණයක් දැයි නිරීක්ෂණය කරන ලද අතර එහි දී ලැබූ ප්‍රතිඵලවලට අනුව මෙම වීඩියොව බොහෝ දුරට කෘත්‍රීම බුද්ධිය ඔස්සේ නිර්මාණය වූවක් බව පැහැදිලි කරයි.

මේ අනුව යාල වනෝද්‍යානයේ දී අලියෙකු විසින් කොටි පැටවෙකු ඔසවාගෙන යන දර්ශනය කෘත්‍රීම බුද්ධිය යොදාගනිමින් නිර්මාණය කරන ලද්දක් බවට FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection