ජනපති අනුර මාකඳුරේ මදූෂ් ගේ අවමංගල්‍යයට ගියේ නෑ.

සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ අවමංගල්‍ය උත්සවයට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වූ බව දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.
by Anonymous |
පෙබරවාරි 25, 2025

https://www.facebook.com/share/p/1FEo9W7qZv/
මෙම ඡායාරූපවලින් එක් ඡායාරූපයක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුවට සමාන අයෙකුගේ රුවක් දැක්වෙන අතරම අනෙක් ඡායාරූපයේ ජනාධිපතිවරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූ අවමංගල්‍ය උත්සවයක ඡායාරූයක් පවතී .
ඒ අනුව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මාකඳුරේ මදූෂ්ගේ අවමංගල්‍යයට සහභාගී වූයේ ද? යන්න පිළිබඳව Factseeker විමසා බැලීය.
එහිදී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට යැවූ ලිපියක් අපට හමු විය. එහි සඳහන් වූයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මාකඳුරේ මදූෂ්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වී ඇති බව තරංග ලක්මාල් නැමැති අයෙකු සිය ෆේස්බුක් ගිණුමෙහි ඡායාරූපයක් පළ කර ඇති බවයි.
තහවුරු කර ගත් මූලාශ්‍රයකින් තොරව පළ කර ඇති මෙම ෆේස්බුක් පෝස්ටුව සම්බන්ධයෙන් සුදූසු විමර්ශනයක් කර ඒ මත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර ඒ ලිපිය මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
https://www.facebook.com/share/p/18pns5ZAg2/
Factseeker අදාල ඡායාරූප පරික්ෂා කිරීමේදී එහි මුල් ඡායාරූපය සොයා ගැනීමට හැකිවිය. එය 2020 ඔක්තොම්බර් 20 වනදා 100 talks ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබූ ඡායාරූපයක් බව හඳුනා ගැනීමට හැකි විය.
මෙහි අනෙක් ඡායාරූපය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එම ඡායාරූපය සිය මවගේ අවමංගල්‍ය උත්සවයේදී ගත් ඡායාරූපයක් බව යි.
ඒ අනුව මාකඳුරේ මධූෂ්ගේ අවමංගල්‍ය සඳහා අනුර කුමාර දිසානායක සහභාගී වූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා බව FactSeeker තහවුරු කරයි.