Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මිය ගිය බවට හුවමාරු වන පුවත් අසත්‍යයි!

False
False

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපවත් වූ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වූ පුවත අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

by Anonymous |

පෙබරවාරි 24, 2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වී ඇති බව වන පුවතක්  සමාජ මාධ්‍යවල හුවමාරු වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

පාප්වහන්සේට බ්‍රොන්කයිටීස් රෝගතත්වය ඇති විමත් සමඟ උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරී ඇති බව මීට දින කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.  නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ උන්වහන්සේගේ මරණය පිළිබඳ පුවත් පැතිරීමත් සමඟ FactSeeker ඊට අදාළ කරුණු සොයා බැලීය.

මේ අනුව කරන ලද කරුණු විමර්ශනයේදී උන්වහන්සේගේ  අභාවය පිළිබඳ නිල පුවත් කිසිවක් පිළිගත හැකි මාධ්‍ය ඔස්සේ පළ වී නොමැති බව තහවුරු කර ගැනීමට හැකි විය. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය විසින්  අද (24) දිනයේ  පළ කරන ලද ප්‍රවෘත්ති වාර්තාවල “ඔහු ද්විත්ව නියුමෝනියාව සමඟ පොරබදමින් සිටින” බවත් “දැඩි සත්කාර ඒකකයේ” සිටින බවත් සඳහන් කර තිබිණි.

ඒ සම්බන්ධ පළ කිරීම් කිහිපයක් මෙතැනින්:

https://www.geo.tv/latest/592245-pope-francis-in-critical-condition-and-faces-minor-kidney-issue-vatican

https://newscentral.africa/pope-francis-remains-in-hospital-as-health-concerns-grow/

තවද මේ පිළිබඳව සොයා බැලීමේදී නයිජීරියාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන “The Nigerian Voice” ප්‍රවෘත්ති වෙබ් අඩවිය විසින් පළ කරන ලද කරුණු පරීක්ෂා කිරීමේ ලිපියක් නිරීක්ෂණය කිරීමට FactSeeker ට හැකි විය.  එම ලිපියේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අභාවය සම්බන්ධයෙන් හුවමාරු වූ පුවත අසත්‍ය බවත්, vatican news X වෙබ් අඩවියේ හුවමාරු වූ ඡායාරූපය විකෘති ඡායාරූපයක් බවත් සටහන් කර තිබුණි.

එම පළ කිරීම මෙතැනින්:

https://www.thenigerianvoice.com/news/347245/fact-check-pope-francis-not-dead-statement-announcing-his.html

මේ අනුව, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අපවත් වූ බවට සමාජ මාධ්‍යවල හුවමාරු වූ පුවත අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection