Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

අලුත්කඩේ ඝාතනයේ තුවක්කුකරු හිටපු කමාන්ඩෝ සෙබලෙකු නොවේ

Misleading
Misleading

විශේෂ ගණයේ සැකකරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ඊයේ (19) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් විය. මෙම ඝාතනයේ සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගැනිණි.

by Anonymous |

පෙබරවාරි 20, 2025

මෙම සැකකරු හිටපු කමාන්ඩෝ සෙබලෙකු ලෙස ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක සහ සමාජ මාධ්‍යවල හඳුන්වා තිබූ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු හිටපු විශේෂ බලකා සෙබලෙකු ලෙසයි.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ ඊට පරස්පර වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පසුව FactSeeker එහි කරුණු පරීක්ෂා කළේය.

 

ඒ අනුව, FactSeeker මේ සම්බන්ධව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විමසීමක් කළෙමු.

එහිදී යුද්ධ හමුදාව පාර්ශ්වයෙන් ප්‍රකාශ කළේ, මෙම පුද්ගලයා කමාන්‌ඩෝ රෙජිමේන්තුවේ සෙබලෙකු ලෙස පුහුණුවට එක් වී සිටි අයෙකු බවයි. පසුව ඔහු එම පුහුණුව අතරතුර පලාගොස් ඇත. හමුදා සෙබලුන් සඳහා ලබාදුන් පොදු සමා කාලයක් තුළදී ඔහු නැවත අදාළ රෙජිමේන්තුවට භාර වී ඇති අතර පසුව නීත්‍යනුකුලව ඉන් ඉවත් වී ඇත.

ඒ අනුව, මෙම සැකකාර තැනැත්තා කමාන්ඩෝ පුහුණුව සඳහා සම්බන්ධ වී සිට ඉන් පලාගොස් පසුව නීත්‍යනුකුලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත් කරනු ලැබූවෙකු බව FactSeeker වෙත තහවුරු විය.

ඒ අනුව, සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය හරහා දක්වා ඇති ආකාරයට මෙම සැකකරු හිටපු කමාන්ඩෝ සෙබලෙකු නොවන බවත් අදාළ මාධ්‍ය වාර්තා නොමගයවනසුලු බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection