වරාය අධිකාරියේ රැකියා ඇබෑර්තු සම්බන්ධයෙන් හුවමාරු වන පණිවුඩය බොරුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තනතුරු පිරවීම සඳහා නව සේවකයින් බඳවා ගන්නා බව දැක්වෙන දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී.
by Anonymous |
ජනවාරි 28, 2025

මෙම පණිවිඩයේ සඳහන් සබැඳිය වෙත ගොස් බැලීමේදී එම සබැඳියට සිය අයදුම්පත් යොමු කරන ලෙස දැනුම් දී ඇත.
නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් පසු සිදු කරන ලද නිරීක්ෂණවලදී, රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු කිසිවක් හෝ එවැනි අයදුම්පත් භාරගන්නා තොරතුරු කවුළුවක් (Information Portal) එහි නොවන බව තහවුරු විය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය: https://www.slpa.lk/port-colombo/opportunities
වට්ස්ඇප් පණිවිඩයේ සඳහන් සබැඳිය වෙත පිවීසීමේදී එහි අතුරු මුහුණත (Interface) වරාය අධිකාරියේ නිල වෙබ් අඩවියේ අතුරු මුහුණතට බොහෝ සෙයින් සමාන බව නිරීක්ෂණය කළ හැකි විය. මෙවැනි ව්‍යාජ වෙබ් පිටු සකස් කිරීම සඳහා GitHub, GitLab, AWS Code Commit වැනි වේදිකා භාවිතා කරයි. GitHub යනු අන්තර්ජාල කේත නිර්මාණය කිරීම, මෘදුකාංග වැඩසටහන් නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම ආදීය සඳහා යොදාගනු ලබන වේදිකාවකි. ඒ අනුව මෙම ව්‍යාජ වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා මෙවැනි වේදිකාවක් භාවිත කිරීමට බොහෝ ඉඩක් පවතින බව පැහැදිළි වේ.
කෙසේ නමුත් මේ පිළිබඳ වරාය අධිකාරියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ එවැනි රැකියා පුරප්පාඩු පවතින්නේ නම් ඔවුන් ඒ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය හරහා දැනුම් දෙන අතර නැතිනම් රජයේ නිල ගැසට් පත්‍රය මගින් දැනුම් දෙන බවත් ය.
ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තනතුරු පිරවීම සඳහා නව සේවකයින් බඳවා ගන්නා බව දැක්වෙමින් හුවමාරු වන වට්ස් ඇප් පණිවිඩය ව්‍යාජ එකක් බව FactSeeker තහවුරු කරයි.