Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

සයිෆ් අලී ඛාන් රෝහල්ගතව සිටින ආකාරය දැක්වෙන පළ කිරීම් අසත්‍යයි

Misleading
Misleading

සුප්‍රකට බොලිවුඩ් නළු සයිෆ් අලීඛාන්ගේ නිවසට ජනවාරි 16 වනදා අනවසර පහරදීමක් සිදු වූ අතර එහිදී සිදු වූ පොරබැදීමකින් පසු රෝහල්ගත වීමට ඔහුට සිදු විය.

by Anonymous |

ජනවාරි 23, 2025

එම පුවත දෙස් විදෙස් බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ගේ විශාල අවධානයට ලක් වීමත් සමඟ ඒ පිළිබඳ  විවිධ පුවත් සමාජ මාධ්‍ය පුරා සංසරණය විය.

ඒ අතර  “අසාධ්‍ය ලෙස රෝහල්ගතව සිටින සයිෆ් අලිඛාන් බැලීමට ගිය සාරා අලී ඛාන් සහ ඊබ්‍රහීම් ඛාන් කඳුළු සලයි!” යනුවෙන් සඳහන් කරමින් සයිෆ් අලී ඛාන් රෝහල් ඇඳක් මත බරපතල තුවාල සහිතව සිටින ආකාරයේ පළ කිරීම් කිහිපයක් FactSeeker හඳුනාගන්නා ලදී.

මේ පිළිබඳ ඉන්දීය මාධ්‍යයන්හි වාර්තා වී තිබූ ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී සයිෆ් අලී ඛාන් බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීම් හෝ ඉහත පළකිරීම්වල සඳහන් ආකාරයේ ඡායාරූප කිසිවක් FactSeeker ට  හමු නොවීය. එසේම වැඩි දුර නිරීක්ෂණය කිරීමේදී එම ඡායාරූපවල වර්ණ ගැලපීම්, ගුණාත්මකභාව (image quality) අඩු මට්ටමක ඇති බව දැකගත හැකි වේ. එබැවින් මෙම ඡායාරූප සංස්කරණය කරන ලද ඡායාරූප බව පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකිය.

මීට අමතරව පිළිගත් ඉන්දීය මාධ්‍ය වෙබ් අඩවියක් වන NDTVහි සයිෆ් අලි ඛාන් අසාධ්‍ය බව සඳහන් පළකිරීම් සම්බන්ධයෙන් සිදු කළ කරුණු පරීක්ෂා කිරීමේ ලිපියක්  FactSeeker හට හමු විය.

එම ලිපිය මෙතැනින්: https://www.ndtv.com/video/fact-check-old-edited-images-falsely-claim-to-show-saif-ali-khan-after-the-attack-891940

අදාළ සිදුවීමෙන් පසු සයිෆ් අලි ඛාන්ගේ මුහුණ සංස්කරණය කරමින් ගොතන ලද පුවත් බොහෝමයක් මෙම ලිපියේ අනාවරණය කර තිබේ. ඉහත ඡායාරූප සහ ඊට සමාන බොහෝ ව්‍යාජ සංස්කරණ ප්‍රමාණයක් මෙම ලිපියේදී කරුණු පරීක්ෂාවට ලක් කර තිබිණි.

එසේම ඊයේ (22) දිනයේදී ඉන්දියානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන E-Times ඇතුළු තවත් වෙබ් අඩවි කිහිපයක් සයිෆ් අලි ඛාන් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බවට තොරතුරු වාර්තා කර තිබේ.

ඒ අනුව සයිෆ් අලි ඛාන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හුවමාරුවන ඉහත ඡායාරූප සියල්ලක්ම සංස්කරණය කරන ලද ඡායාරූප බව  FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හුවමාරු වන වීඩියෝව ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරට ලක්වූ බස් රථයේදී ගත් වීඩියෝවක් නෙවෙයි.

සැප්තැම්බර් 10, 2025

පළමු මාස හයට සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.7 ක් පමණයි

අගෝස්තු 6, 2025

සංසරණය වන තල්මසුන්ගේ වීඩියෝව රුසියානු භූකම්පනයේදී වූවක් නොවේ

අගෝස්තු 1, 2025

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection