HMPV වෛරසය සම්බන්ධයෙන් පැතිර යන තොරුතුරු අසත්‍යයි
උතුරු චීනයේ මේ වන විට පැතිර යමින් පවතින HMPV වෛරසය වැළඳුනු ශ්‍රී ලාංකිකයින් හඳුනාගෙන ඇති බවට සඳහන් වන පෝස්ටු සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.
by Anonymous |
ජනවාරි 16, 2025
ඒ අනුව FactSeeker මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, අනුක හා ප්‍රතිශක්තීකරණ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ විසින් 2024 වසරේ පැවැති දත්ත පිළිබඳව කළ පැහැදිළි කිරීමක් පාදක කර ගනිමින් මෙම පෝස්ටු සංසරණය වන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එම සංගමයේ ශ්‍රවනාගාරයේදී ඉකුත් ජනවාරි 08 දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය මේ පිළිබඳ කරුණු අනාවරණය කර තිබිණි.
මෙම අදහස් දැක්වීමේදී නීලිකා මලවිගේ ප්‍රකාශ කර තිබුණේ, වසර 20 ක පමණ කාලයක සිට ලෝකයේ මෙම වෛරසය පවතින බවයි.
මෙම වෛරසය වැළඳුණු රෝගීන් 2023 වසරේ දෙසැම්බර් මාසයේදී හදුනාගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ජාන පරීක්ෂණ කර පර්යේෂණ වාර්තාවක් ද පවතින බව ඇය එහිදී සඳහන් කර තිබිණි. පසුව 2024 ජනවාරි මාසයේදී ද මහනුවර ජාතික රෝහලේදි වෛරස පිළිබද විශේෂඥ වෛද්‍ය අතීකා අක්රම් විසින් රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගෙන තිබූ බව ද නීලිකා මලවිගේ මහාචාර්යවරිය එහිදී ප්‍රකාශ ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් ලෝකයේ මෙතෙක් පවතින දත්ත ඉදිරිපත් කරඇති බව ද ඇය වැඩිදුරටත් සදහන් කරයි.
https://www.who.int/emergencies/disease-outbreak-news/item/2025-DON550
මේ අනුව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම පෝස්ටුවල සඳහන් කරුණු මෙම වසරේ ජනවාරි මාසයේ තත්ත්වය නොවන අතර එය 2024 වසරේ දත්ත වන බව FactSeeker තහවුරු කරයි.