අමිතාබ් බච්චන් මිය ගිය බව කියන පුවත් අසත්‍යයි
ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පී අමිතාබ් බච්චන් මිය ගොස් ඇති බව දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහනක් FactSeeker වෙත නිරීක්ෂණය විය.
by Anonymous |
දෙසැම්බර් 26, 2024
එම පෝස්ටු සීග්‍රයෙන් සංසරණය වීම නිසා එහි සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.
මෙම කරුණු පරීක්ෂාවේදී අමිතාබ් බච්චන්ගේ මිය යාම සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබේද යන්න පිළිබඳව FactSeeker සොයා බැලීය. එහිදී ඒ පිළිබඳ කිසිදු වාර්තාකරණයක් සිදු වී නොමැති බව අපට තහවුරු විය.
එමෙන්ම, අමිතාබ් බච්චන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් සහ පිටු පිරික්සීමේදී නිරීක්ෂණය කළ හැකි වූයේ, ඔහු ඊයේ (24) දක්වා ම නිරන්තරයෙන් එම ගිණුම් සහ පිටු යාවත්කාලීන කර ඇති ආකාරයයි.
https://www.facebook.com/amitabhbachchan
ඒ අනුව, අමිතාබ් බච්චන් මිය ගොස් ඇති බව දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍ය බව FactSeeker සනාථ කරයි.