Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

බලශක්ති ඇමැති ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙක් බව මහින්ද දේශප්‍රිය කිව්වේ නෑ

False
False

බලශක්ති අමාත්‍ය පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකු බවට මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය කළ ප්‍රකාශයක් ලෙස දැක්වෙන සමාජ මාධ්‍ය පළකිරීම් ගණනාවක් පසුගිය දිනවල සංසරණය විය.

by Anonymous |

දෙසැම්බර් 16, 2024

මෙහි සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

අදාළ පළ කිරීම්වල සඳහන් වූ පුවත පහතින්.

“බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉංජිනේරුවෙකු යයි ව්‍යාජ ලෙස පෙනී සිටින බවට සමාජ මාධ්‍යවල එල්ල වන චෝදනා කිසිදු සත්‍යතාවක් නැතැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවට දුන් තොරතුරුවල සඳහන් වන්නේ, තමන් ඉංජිනේරු උපාධි අපේක්ෂකයකු (engineering undergraduate) ලෙස බවය.
ඒ අනුව ඇමතිවරයා අසත්‍යයක් ප්‍රකාශ කළ බවට චෝදනා කිරීම නිවැරදි නොවන බව ද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ, ගුවන්විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට සහභාගී වෙමින් යැයි සමාජ මාධ්‍ය ජාලවල පළ වූ පුවත්වල සඳහන් වේ”.

එම පුවත්වලට අදාළ සබැඳි පහතින්.

https://janahanda.site/#/news/9

https://sinhala-themorningtelegraph.com/?p=4617

https://newsweb.lk/archives/34102

මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී FactSeeker මහින්ද දේශප්‍රිය සහභාගී වූ මෑතකාලීන ගුවන්විදුලි සාකච්ඡා පිළිබඳව අවධානය යොමු කළෙමු.

නෙත් FM නාලිකාවේ 2024 දෙසැම්බර් 06 දා ප්‍රචාරය වූ ̒ බැලුම්ගල̕ වැඩසටහන සමග දුරකතන සම්මුඛ සාකච්ඡාවකදී ඔහු එක්තරා අමාත්‍යවරයෙකු පිළිබඳව අදහස් පළ කරන අවස්ථාවක් අපට හමු විය.

https://youtu.be/Sj-8cwmNr-o?t=394

එහිදී ඔහු සඳහන් කරන්නේ, එක් අමාත්‍යවරයෙකු ඉංජිනේරුවෙකු යයි කීවද ඔහු ඉංජිනේරුවෙකු නොවන බවට චෝදනා එල්ල වන බවයි. එහෙත් පාර්ලිමේන්තුවේ ඔහුගේ තොරතුරු ඇතුළත් වන්නේ ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකු ලෙස බව මහින්ද දේශප්‍රිය එම වැඩසටහනේදී පෙන්වා දෙයි.

ඔහු එම ප්‍රකාශයේ කිසිදු අවස්ථාවක බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ නම සඳහන් නොකරයි.

ඔහුගේ ප්‍රකාශය කුමාර ජයකොඩි පිළිබඳව ද යන්න සොයා බැලීම සඳහා අප පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරුන්ගේ නාමාවලියේ කුමාර ජයකොඩිගේ තොරතුරු පරීක්ෂා කළ ද එහි ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව කිසිවක් සඳහන් නොවුණි. ඔහුගේ වෘත්තිය ලෙස ඉංජිනේරු ලෙස ඇතුළත් කර තිබිණි.

ඉන් අනතුරුව අප මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගෙන් විමසූ අතර ඔහු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සම්බන්ධයෙන් ඉහත පෝස්ටුවල දක්වා ඇති අන්දමේ කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, බලශක්ති අමාත්‍ය පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකු බවට මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස දැක්වෙන සමාජ මාධ්‍ය පළකිරීම් අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection