Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

එමිරේට්ස් සමාගමේ ගුවන්‍ යානයක් අනතුරකට ලක් වුණා ද?

False
False

ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ගිනි ගැනීමකට ලක්වන වීඩියෝවක් @miss_President නම් ට්විටර් ( X) ගිණුමක් හරහා හුවමාරු කර තිබේ.

by Anonymous |

දෙසැම්බර් 13, 2024

Emirates A6 EAP ලෙස හැඳින්වෙන මෙම ගුවන් යානය සැබවින්ම ගිනි ගැනීමකට ලක් වූයේද? යන්න පිළිබඳව FactSeeker නිරීක්ෂණය කළේ ය.

https://x.com/miss_prresident/status/1866442300722684332?s=46&t=7p4CLXtAH44oQQ-dqagsCg

FactSeeker ඒ පිළිබඳ කළ සොයා බැලීමේදී මෑතකාලීනව අරාබි එමිරේට්ස් ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් ගිනිගැනීමට ලක් වූ බව සඳහන් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් හෝ  මාධ්‍ය වාර්තාවක් පළ වී නොතිබිණි.

මෙම වීඩියෝව තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී එහි යම් යම් දෘශ්‍යමය ගැටළුකාරී තත්ත්වයන්  FactSeeker ට හඳුනා ගැනීමට හැකි විය. එ් මෙම වීඩියෝවේ ගුවන් යානයකට අමතරව මාර්ගයේ වාහන එහා මෙහා ගමන් කරමින් තිබීමයි. නමුත් ඇතැම් අවස්ථාවල පාරේ ගමන් කරමින් තිබෙන වාහන එකවරම නොපෙනී යාමක් (Invisible) නැති නම් අතුරුදහන්වීමකට ලක් වේ.  ඒ අනුව මෙය සත්‍ය වීඩියෝවක් නොවන බව තහවුරු කිරීමට සාධක පවතී.

මේ වන විට මෙවැනි වීඩියෝ  බොහෝ සංඛ්‍යාවක්  X (ට්විටර්) හි දැක ගැනීමට හැකි වේ. ඊට හේතුව නම්, මෙවැනි  වීඩියෝ නිර්මාණය  කිරීම සඳහා වර්තමානයේ  Gemini, X-Grok, Chat GPT වැනි ප්‍රමුඛපෙලේ AI වේදිකාවන් බිහි වී තිබීමයි. ඊට අමතරව Microsoft Flight Simulator 2020 වැනි මෘදුකාංග භාවිතා කරමින් මෙවැනි වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව පවතී.

ඒ අනුව Emirates A6 EAP ලෙස හැඳින්වෙන ගුවන්‍ යානයක්, පියාසර කරමින් පවතින අවස්ථාවක ගිනි ගැනීමට ලක්වන ආකාරය දක්වෙන වීඩියෝව ව්‍යාජ එකක් බවත් එය සජීවිකරණ නිර්මාණයක් බවත්  FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

යළි භාවිතයට නිර්දේශ කළ ඖෂධය කෙහෙළියගෙ බාල බෙහෙත නෙවෙයි

ජූනි 3, 2025

ඩයලොග් නොමිලේ දීමනා ගැන වට්ස්ඇප් පණිවිඩ ව්‍යාජයි

ජූනි 2, 2025

Mr. Been මියගොස් ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

මැයි 30, 2025

ආරුගම්බේ වෙරළේ බිකිනි ඇඳීමට තහනමක් නෑ

මැයි 27, 2025

කොවිඩ් නව දරුණු ප්‍රභේදයක් වාර්තා වී නෑ

මැයි 21, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection