Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ටිල්වින්ගේ මතය සහ මතවාද

Misleading
Misleading

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනයෙන් යෝජිත පළාත් සභා ක්‍රමය අහෝසි කරන බවට රජය ප්‍රකාශ කර ඇතැයි යන පුවත සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතින බව Factseeker නිරීක්ෂණය ක‌ළේ ය.

by Anonymous |

දෙසැම්බර් 5, 2024

එසේ බෙදා හැර ඇති පණිවිඩයේ මෙසේ සඳහන් වේ.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධන පනතේ යෝජනා කර ඇති පළාත් සභා ක්‍රමය අවසන් කිරීමටත්, නව ව්‍යවස්ථාව හරහා සියලු ජන වර්ගවලට සමාන අයිතිවාසිකම් තහවුරු කිරීමටත් ජාතික ජන බලවේගය රජය කටයුතු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි” යනුවෙනි.
කෙසේ වෙතත් ප්‍රධාන ධාරාවේ පුවත්පත් නිරීක්ෂණය කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා, එසේ ප්‍රකාශ නොකළ බව නිරීක්ෂණය වන අතර එය රජයේ ස්ථාවරය නොවන බව ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබේ.

එබැවින් මෙහි සත්‍යතාව පරීක්ෂා කිරීමේදී පසුගිය දෙසැම්බර් 01 දා (2024.12.01) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා “වීරකේසරි” සතිපතා දමිළ භාෂාවෙන් පළවන පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසූ කරුණු මත මෙම ප්‍රවෘත්ති පළ කර ඇති බව නිරීක්ෂණය විය. “නව ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කෙරේ” යන ශීර්ෂ පාඨය යටතේ මෙම පුවත පළ කර තිබිණි.

“ශ්‍රී ලංකාවේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇති පළාත් සභා ක්‍රමය අවසන් කරමින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දීමට ජාතික ජන බලවේගය රජය කටයුතු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය” යනුවෙන් එම ප්‍රවෘත්තියේ සදහන් කර ඇත.
මෙම පුවත එලෙසම විවිධ වෙබ් අඩවි මගින් පළ කර ඇති බව ද නිරීක්ෂණය විය. ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සහ අදහස් නිර්මාණය කර හුවමාරු වෙමින් පවතී ,https://ibctamil.com/article/anura-govt-end-the-provincial-council-system-in-sl-1733035758#google_vignette

එමෙන්ම වීරකේසරී පණිවිඩය මුල්කරගෙන විවිධ දේශපාලඥයන් තම අදහස් ඉදිරිපත් කර ඇති බවද factseeker නිරීක්ෂණ කළේය.


කෙසේ වෙතත්, වීරකේසරි සතිපතා පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී දේශපාලන ක්‍රමය තුළ නව විසඳුම් ඉදිරිපත් කරන තුරු පළාත් සභා ක්‍රමය අහෝසි නොකරන බව ටිල්වින් සිල්වා විවිධ අවස්ථාවල සඳහන් කර ඇති බව නිරීක්ෂණය විය. ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සහ වීරකේසරි මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්ති අතර ඇති වූ මතභේදය නිසා මෙම ව්‍යාකූලත්වය ඇති වී ඇති බව පැහැදිළි වෙයි.


2024.12.03 දින නැවතත් වීරකේසරී දිනපතා පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියක් පළ කර තිබිණි. එහි “13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතා විමුක්ති පෙරමුණේ පැහැදිළි කිරීම” යන්න එහි ශීර්ෂ පාඨය වී තිබිණි. එම ප්‍රවෘත්තියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ, 2024 දෙසැම්බර් 01 වැනි දින වීරකේසරි පුවත්පතේ පළවූ ප්‍රධාන පුවත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ බවත් ඒ සඳහා පළවූ සිරස්තලයට පාඨකයන් අතර වැරදි මතයක් පවතින බවත් ය.

එබැවින් ටිල්වින් සිල්වා විසින් වීරකේසරී පුවතපතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් අදහස් අනුව මෙම පැහැදිළි කිරීම කර ඇත.
එහිදී “උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට 1987 ගෙන ආ 13 වැනි සංශෝධනය අසාර්ථකයි. එබැවින් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට වඩාත්ම ප්‍රායෝගික හා නිවැරදි විසඳුම ඉදිරිපත් කළ යුතු බව අපගේ ස්ථාවරයයි. එවැනි විශිෂ්ට විසඳුමක් ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන තුරු අපි 13 වැනි සංශෝධනය සහ පළාත් සභා අහෝසි කරන්නේ නෑ. ඉදිරියේදී සාකච්ඡා කරන ව්‍යවස්ථාවට නව විසඳුම් ඇතුළත් කිරීමට කටයුතුකරනවා. අදාළ සියලු පාර්ශ්වවල අදහස් හා යෝජනා මත විසඳුම සකස් කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.


මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ද නිවේදනයක් නිකුත් කර තිබේ.
එමෙන්ම 2024 දෙසැම්බර් 02 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙසේ කීවේය.
“පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා වසර තුනක් පමණ ගත වේවි.ඒ කාලය තුළ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ක්‍රමය සම්බන්ධයෙන් සියලු දෙනා සිය නිර්දේශ ඉදිරිපත් කළ හැකියි.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රමාණවත් කාලයක් තිබෙනවා.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකියි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක්‍රමය දිගටම පැවතුණහොත් පවතින බලතලවලට අමතර බලතල ලබා දීමක් හෝ කප්පාදු කිරීමක් සිදු කරන්නේ නැහැ.” යනුවෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර ඇත.

එබැවින් වීරකේසරි පුවත්පතේ පළවූ පුවත පිළිබඳ විවිධ මත පළවීම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි පුවත් පළවී ඇති අතර ටිල්වින් සිල්වා සහ රජය ඒ පිළිබඳව නිවැරදි පැහැදිළි කිරීමක් කර තිබෙන බව factseeker වැඩිදුරටත් අනාවරණය කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානයේ ගුවන් ප්‍රහාර ලෙස නොමග යවන වීඩියෝ හුවමාරු වෙයි

ජූනි 16, 2025

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

ජූනි 13, 2025

මාලිනියගේ අවමගුල දා නළු නිළියන් සාදයක් පැවත්වූවා ද?

මැයි 28, 2025

විදෙස් සංචාරකයෙකුට පහරදෙන වීඩියෝව පැරණියි

මැයි 27, 2025

සමාජ මාධ්‍ය වල සංසරණය වන දළදා වහන්සේගේ වීඩියෝ අනුරූ පමණි.

අප්‍රේල් 25, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection