බාමියන් බුදු පිළිම විනාශ කිරීම 2001 වසරේ සිදුවූවකි

ඇෆ්ගනිස්ථානයේ බුදුපිළිමයක් 1992 වසරේ විනාශ කිරීමට පෙර පැවති ආකාරය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය තුළ ඡායාරූපයක් සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.
by Anonymous |
දෙසැම්බර් 2, 2024

https://x.com/historyinmemes/status/1863356538959601778?s=46&t=7p4CLXtAH44oQQ-dqagsCg
මෙම පළකිරීම තුළ ඇතැම් පරිශීලකයින් මෙය 2001 වසරේදී සිදු වූ බවද දක්වා තිබුණි. මේ නිසා සත්‍ය ලෙසම මෙම සිදුවීම සිදුව ඇති කාල වකවානුව පිළිබඳ ව FactSeeker සොයා බැලීය.
මෙලෙස සංසරණය වන්නේ තලෙයිබාන් සටන්කාමීන් විසින් විනාශ කර දමනු ලැබූ බාමියන් බුදු පිළිමයක සේයාරුවකි. ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කඳුවැටියෙන් ඇරඹී ගලා යන බාමියන් ගංඟාව ආශ්‍රිතව පිහිටා තිබූ කන්දහාර් හි බාමියන් නිම්නයේ වැලි ගුහා තුළ මෙම පිළිම ඉදිකරනු ලැබ ඇත.
90 දශකයේදී ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලාගනු ලබන තලෙයිබාන් සටන්කාමීන් පසුව ඓතිහාසික දේ විනාශ කිරීමට පටන් ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2001 පෙබරවාරි 07 දා තලෙයිබාන් සටන්කාමීන් බාමියන් බුදු පිළිම විනාශ කිරීමට අදහස් කරගෙන සිටින බව නිවේදනය කළේය. මීට බොහෝ විරෝධතා පැමිණිය ද ඔවුන් තම අදහස ක්‍රියාවට නැංවීය.
ඒ අනුව මෙම විනාශ කිරීම 2001 මාර්තු 02 වනදා ආරම්භ කළේය. පසුව මාසයක් පුරා සිදුකරනු ලැබූ වෙඩි තැබීම් මඟින් ඒවා විනාශ කර දැමීය.
මේ සම්බන්ධව බොහෝ ලිපි ද පලවී ඇත.
https://outboundtoday.com/bamiyan-buddhas-is-histry-to-be-repeated/
https://archive.roar.media/sinhala/main/features/the-death-of-the-buddhas-of-bamiyan
https://www.washingtonpost.com/world/2023/06/15/afghan-buddhas-taliban-bamian/
පසුව එයින් ඉතිරි වූ අවශේෂ 2003 වසරේදි යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙස නම් කරනු ලැබීය.
ඒ අනුව මෙම සිදුවීම 1992 වසරේදි නොව 2001 වසරේදි සිදුවූ බව සහ මෙම පළකිරීම නිවැරදි නොවන බව FactSeeker තහවුරු කරගන්නා ලදී.