05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට අහෝසි ද ?
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බවට හා පසුගිය සැප්තැම්බර් මස පැවති ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රතිඵල නිකුත් නොකරන බවටත් සඳහන් කරමින් whatsApp වැනි සමාජ ජාලා වල පුවත් සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.
by Anonymous |
දෙසැම්බර් 2, 2024
ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සොයා බැලීය.
පසුගිය සැප්තැම්බර් 15 වනදා පැවති 5 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීම සම්බන්ධයෙන් දෙමව්පියන් අභියාචනයක් ගොනු කරනු ලැබීය. නොවැම්බර් 18 දින එම අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. ප්‍රධාන මාධ්‍ය වල හා සමාජ මාධ්‍ය මෙය වාර්තා කොට තිබුණි.
https://www.virakesari.lk/article/199078
https://www.adaderana.lk/news.php?nid=103581
එසේ වුවද සමාජ මාධ්‍ය තුළ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් නොකරන බව හා ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට අහෝසි කරන බවට සඳහන් පෝස්ටු සංසරණය වන බැවින් තවදුරටත් විමර්ශනය කළේය.
මේ සම්බන්ධව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දරගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අධිකරණය ලබාදුන් නියෝගය අනුව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නතර කළ බවයි
තවදුරටත් මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී එහි ලේකම් විශාකා අබේරත්න මහත්මිය පැවසුයේ දැනට නිකුත් වී ඇති අධිකරණ නියෝගය අනුව ප්‍රතිඵල නිකුත් නොකරන බව සහ අධ්‍යාපන ක්ෂේත්රයේ වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වන නමුත් ලබන වසරේදී ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කර නොමැති බවයි.
මේ අනුව සමාජ මාධ්‍ය වල හුවමාරු වන 5 ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට අහෝසි වන බව සඳහන් පුවත් අසත්‍ය බව සහ අධිකරණයෙන් නිකුත් කෙරුණු අතුරු තහනම් නියෝගය හේතුවෙන් අදාල ඇගයීම් කටයුතු අත්හිටුවා ඇති බව FactSeeker තහවුරු කරගන්නා ලදී.