ප්රභාකරන්ගේ 70 වන උපන්දිනය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කේක් කපා සැමරූ බව කියන ඡායාරූපවල ඇත්ත කතාව
LTTE නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ 70 වන උපන්දිනය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කේක් කපා එය සමරා ඇති බව දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය විය.
by Anonymous |
නොවැම්බර් 30, 2024
මෙහි සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker තීරණය කළේය.
එම පෝස්ටු බොහොමයක් Tamil Guardian වෙබ් අඩවියට අදාළ X පිටුවේ 2024-11-26 දින පළ කළ X පණිවුඩයක තිරරුවක් යොදා ගනිමින් සකස් කර තිබුණි. එමෙන්ම අදාළ තිරරුවෙහි Tamil Guardian වෙබ් අඩවිය වෙත පිවිසෙන සබැඳියක් ද පෙන්නුම් කෙරිණි.
මේ ඔස්සේ සිදු කළ සොයා බැලීමේදී අප වෙත නිරීක්ෂණය වුණේ අදාළ X පෝස්ටුව එම ගිණුමෙන් ඉවත් කර ඇති බවයි. කෙසේ නමුත් මූලපද ඔස්සේ Google සෙවුම් යන්ත්‍රය යොදාගෙන පරීක්ෂා කිරීමේදී ඊට අදාළ ලිපියක් මීට දින කිහිපයකට පෙර Tamil Guardian වෙබ් අඩවියේ පළ කර ඇති අයුරු සිඟිතිරූ (Thumbnails) සහිතව නිරීක්ෂණය කළ හැකි විය.
කෙසේ වෙතත් එම සබැඳියෙන් පිවිසෙන ලිපිය වෙබ් අඩවියෙන් ද ඉවත් කර තිබිණි.
ඉහත X පණිවිඩයේ මූලපද සමග Google පිරික්සීමේදී මීට අදාළ වෙනත් X පණිවිඩයක් අපගේ අවධානයට යොමු විය. එමගින් දැක්වුණේ, “එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ 70 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් කැම්පස් පිටියේ කේක් කැපීමේ උත්සවයක් සංවිධානය කර උපහාර දැක්වීය.” යනුවෙනි.
එහි දැක්වුණු ඡායාරූප Google Lens යොදා ගනිමින් Reverse Image Search කිරීමේදී අපට නිරීක්ෂණය වූයේ LTTE නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ 64 වන උපන්දිනය වෙනුවෙන් 2018 වසරේදී මෙම සැමරුම් සිදු කර ඇති බවයි. ඒ පිළිබඳව දැක්වෙන වාර්තා පෙළක් පහතින්.
https://www.bbc.com/tamil/sri-lanka-46340668
https://www.tamilarul.net/2018/11/jaffna-university.html
https://jaffnazone.com/news/6749
https://www.facebook.com/274286272733315/posts/1089849124510355/
ඒ අනුව, සමාජ මාධ්‍ය සටහන්වල හුවමාරු වන LTTE නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ 70 වන උපන්දිනය සමරමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් මෑතකදී කේක් කපා ඇති බව දැක්වෙන ඡායාරූප නොමගයවනසුලු ඒවා බව FactSeeker තහවුරු කරයි.