Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

අශේන් සේනාරත්න කොළඹින් ගත් ඡන්ද සංඛ්‍යාව 08 ද?

False
False

"ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන අශේන් සේනාරත්න ජාතික ලැයිස්තුවෙන් තරග කළ යතුරු කැරැල්ලේ ස්වාධීන කණ්ඩායම දිනාගත් ඡන්ද සංඛ්‍යාව 08ක්" බව දැක්වෙන පෝස්ටුවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර එම පළකිරීම මත පදනම්ව වෙනත් උපහාසාත්මක පෝස්ටු ද නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබෙනු FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

නොවැම්බර් 20, 2024

ඒ අනුව මෙහි සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.

අශේන් සේනාරත්න කොළඹ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමක් යටතේ ඉදිරිපත් කළ මුල්ම නාමයෝජනා පත්‍රය බලය නොමැති අයෙකු විසින් භාරදීම යන හේතුව මත ප්‍රතික්ෂේප විය.

ඉන් අනතුරුව ඔහු සිය නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රචාරය කර තිබුණේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් යතුරු කැරැල්ල ලකුණින් තරග වදින ස්වාධීන කණ්ඩායම වෙත ඡන්දය ලබා දී ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව උදා කරන ලෙසයි.

https://www.facebook.com/share/r/1B6VApzctQ/

කොළඹ දිස්ත්‍රික්කයෙන් යතුරු කැරැල්ල ලකුණින් තරග කළේ, ස්වාධීන කණ්ඩායම් අංක 15 යි. එම ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂක ලැයිස්තුව තුළ අශේන් සේනාරත්නගේ නම ඇතුළත් වන්නේද යන්න අපි විමසා බැලුවෙමු.

එහි ඔහුගේ නම ඇතුළත් නොවන බව අපට තහවුරු විය.

ස්වාධීන කණ්ඩායම් අංක 15 කණ්ඩායම් නායක ලෙස ආචාර්ය සසිඳු මහානාම මහ මැතිවරණයට තරග කර තිබේ. ඔහුගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී පහත Newsfirst පුවත් ආවරණය නිරීක්ෂණය විය.

https://www.facebook.com/share/r/12DkPXfXG4P/

එම මාධ්‍ය හමුව මගින් දැක්වුණේ අදාළ ස්වාධීන කණ්ඩායමේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලෙස අශේන් සේනාරත්න ඇතුළත්ව සිටින බවයි.

ඒ අනුව ස්වාධීන කණ්ඩායම් අංක 15 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳව අපි අවධානය යොමු කළෙමු.

කොළඹ දිස්ත්‍රික්කයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ස්වාධීන කණ්ඩායම් අංක 15 ඡන්ද 1792 ක් ලබාගෙන ඇත.

එම නිල ප්‍රතිඵලය මෙතැනින්

https://election.news.lk/parliamentary-election-2024/colombo/colombo-district-final

මෙම කණ්ඩායම කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගෙන ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 08 කි.

එම නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙතැනින් – https://election.news.lk/parliamentary-election-2024/colombo/colombo-ds-postal-vote

ඒ අනුව අශේන් සේනාරත්න ජාතික ලැයිස්තුව නියෝජනය කළ යතුරු කැරැල්ල ලකුණින් තරග කළ ස්වාධීන කණ්ඩායම දිනාගත් ඡන්ද සංඛ්‍යාව 08 ක් බව දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection