Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ලෝක බැංකුව ආණ්ඩුවට ඩොලර් 200 ක් ණයට දුන්නා ද?

False
False

ශ්‍රී ලංකා රජය ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා ගත් බවට සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ අදහස් ප්‍රකාශ වෙමින් තිබේ.

by Anonymous |

නොවැම්බර් 12, 2024

මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ ද අදහස් හුවමාරු වන බැවින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට factseeker කටයුතු කළේය.

“ලෝක බැංකුව අපි ඉල්ලුවෙත් නැතිව ඩොලර් මිලියන 200ක් දුන්නා පාවිච්චි කරගන්න කියලා.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර තිබු අතර ජාත්‍යන්තර ආයතනවල සහයෝගය උපරිම වශයෙන් රජයට හිමිව ඇති බවටත් ඒ හේතුවෙන් ලෝක බැංකුව මෙලෙස මුදල් ලබාදී ඇති බවත් හෙතෙම සඳහන් කර තිබුණි.

 

https://lankacnews.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%b6%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%94%e0%b7%80-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%8a/

එමෙන්ම ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති  රූපවාහිනි වැඩසටහනකට සහභාගී වෙමින් සඳහන් කර ඇත්තේ, ලෝක බැංකුවෙන් ණයක් ලබාගෙන නොමැති බවත් එය ප්‍රදානයක් බවත් ය.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදි අනාවරණය වුයේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට  සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මගින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුල්‍ය පහසුකමක් ලබා දී ඇති බවය.

මෙය ණය මුදලක් ලෙස හිමිව ඇති අතර පසුගිය ඔක්තෝම්බර් 07 දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක , මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් යන අයගේ සහභාගීත්වෙයන් ණය ගිවිසුමට අත්සන් තැබීම  අත්සන් සිදුව තිබේ.

මෙම වැඩසටහන  2023-2024 වසර දෙක තුළ ක්‍රියාත්මක වන අතර පළමු අදියරේ ණය ලබාදීම 2023 වසෙර්දී ක්‍රියාත්මත වී ඇත. එවක ජනාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව ද සිය වෙඩ් පිටුවේ සම්පුර්ණ විස්තරයක් පළකර තිබේ.

https://www.worldbank.org/en/news/press-release/2024/10/07/world-bank-signs-additional-200-million-to-support-sri-lanka-s-economic-reforms#:~:text=World%20Bank%20Signs%20Additional%20%24200%20Million%20to%20Support%20Sri%20Lanka’s%20Economic%20Reforms,-Share%20more&text=COLOMBO%2C%20October%207%2C%202024%20%E2%80%93,(DPO)%20for%20%24200%20million

දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය කෙරෙහි ඇති වන බලපෑම් අවම කරමින්, සාර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීම අරමුණු කර ගනිමින් මෙම ණය වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මෙම වැඩසටහනේ පළමු අදියර 2023 වසරේ දී ක්‍රියාත්මක වීමෙන් පසුව  ප්‍රධාන අංශ තුනක් යටතේ ප්‍රධාන පූර්ව ක්‍රියාමාර්ග හතක් සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වී තිබේ. එම එකඟතා සම්පුර්ණ කිරීම තුළ දෙවන අදියරේ ණය මුදල මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය ද නිවේදනයක් නිකුත්කර ඇති අතර ඒතුළද මෙය ණය මුදලක් ලෙස දක්වා තිබේ.

https://pmd.gov.lk/si/%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92/

ආර්ථිකය සම්බන්ධයන් තොරතුරු වාර්තා කරන economynext වෙබ් අඩවියද මේ සම්බන්ධයෙන් විස්තර වාර්තා කර තිබු අතර ඒතුළද මෙම ණය වැඩසටහන පිළිබඳ විස්තර කර ඇත.

https://economynext.com/sri-lanka-inks-us200mn-world-bank-loan-for-budget-support-182637/

ඒ අනුව ලෝක බැංකුව ලබාදී ඇත්තේ ප්‍රදානයක් නොව ණය මුදලක් බවත් මෙය නව රජය විසින් මුල්වරට ලබා ගත් ණය මුදලක් නොව  2023 වසරේ සිට ක්‍රියාත්මක වන වැඩසටහනක දෙවැනි අදියරේ ණය මුදල ලෙස ලැබී ඇති බවත් පැහැදිලි වේ.

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection