ලක්ෂ 12කට Vitz වර්ගයේ මෝටර් රථ ලබා දෙන බව නලීන් හේවගේ කිව්වා ද?

මේ දිනවල "හැම පවුලකටම Vitz මෝටර් රථයක් ලක්ෂ දොළහකට ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා..!" යනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ විසින් ප්‍රකාශයක් සිදු කළේ යැයි දක්වමින් සමාජ මාධ්‍ය පෝස්ට් වේගයෙන් සංසරණය වෙමින් පවතී.
by Anonymous |
නොවැම්බර් 6, 2024

මේ සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුණු Factseeker නලින් හේවගේ මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව වෙත අවධානය යොමු කළේ ය.
එම වීඩියෝව මෙතැනින් – https://youtu.be/o20Z8pWHnOI
එහිදී ඔහු ප්‍රකාශ කරන්නේ , අවුරුදු 10ක් යන විට සෑම නිවසකටම වාහනයක් ගත හැකි ආර්ථිකයක් සකස් කරන බවයි. එම ප්‍රකාශය තුළ Vitz වර්ගයේ මෝටර් රථයක් ගත හැකි වන ආකාරයේ ආර්ථිකයක් නිර්මාණය කරන බව සඳහන් කර නැත. ඒ අනුව එම ප්‍රකාශයේ අදහස විකෘති කර පුද්ගලයින් නොමග යවන ආකාරයන් සමාජ මාධ්‍ය පළ කිරීම් සිදු කර ඇති බව FactSeeker ට හඳුනා ගැනීමට හැකි විය.
එසේම ජපානයේ ටොයෝටා වර්ගයේ වාහනවල විකුණුම් පහත වැටීම වැනි හේතු නිසා එම සමාගම විසින් 2019 සිට Vitz වර්ගයේ වාහන නිෂ්පාදනය කිරීම නවතා තිබේ.
මේ සම්බන්ධයෙන් අපි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නිශාන්ත ඒ. වීරසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු පැවැසුවේ, 2019 වසරෙන් පසු ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීමට සීමා පැනවීම හේතුවෙන් Vitz මෝටර් රථ ද නොගෙන්වූ බවයි.
මේ අනුව, හැම පවුලකටම Vitz මෝටර් රථයක් ලක්ෂ දොළහකට ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා..!” යනුවෙන් නලින් හේවගේ ප්‍රකාශ කළේයැයි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පෝස්ට් නොමඟ යවන සුළු සටහන් බව FactSeeker තහවුරු කරයි.