Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

රාමායනයේ කුම්භකර්ණගේ කඩුව සොයා ගත්තා ද?

False
False

හින්දු වීර කාව්‍යයක් වන රාමායනයේ චරිතයක් වන කුම්භකර්ණගේ කඩුව සොයා ගත් බව නිරූපණය කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස බෙදා හරින බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ඔක්තෝබර් 24, 2024

“කුම්භකර්ණගේ කඩුව හමුවී ඇත, රාමායනය සිදු වූ බවට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත. ජයි ශ්‍රී රාම්” යන ශීර්ෂ පාඨය සහිතව වීඩියෝව මෙසේ හුවමාරු වෙමින් පවතී. එම වීඩියෝවේ යෝධ කඩුවල ඡායාරූප ද ඇතුළත් වේ.

මෙම වීඩියෝවේ හුවමාරු වූ ඡායාරූප Google lens හරහා විශ්ලේෂණය කිරීමේදී  Tiktok, Instagram, X, Facebook සහ YouTube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල එම රූප විශාල වශයෙන් හුවමාරු වී ඇති බව අනාවරණය විය.

එසේම  වසර 3000ක් පැරණි යෝධ කඩුවක් තුර්කියෙන් සොයාගත් බව දක්වමින් ද මෙම  ඡායාරූප හුවමාරු වෙමින් තිබේ.

තවත් වීඩියෝවක  දුල්වාර්, ඉන්දියානු උපමහාද්වීපයේ  කඩුවක් ලෙස ද  මෙම කඩුවල ඡායාරූප නම්  කර ඇත.

මෙම වීඩියෝ පටයේ භාවිතා කර ඇති ඡායාරූප දෙස සමීපව බැලීමේදී පෙනී ගියේ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ඡායාරූප නිර්මාණය කර ඇති බවයි. එනම්  ඡායාරූපවල සිටින පුද්ගලයින්ට කැපී පෙනෙන ලෙස විකෘති වූ අත්, අසමාන ශරීර සහ අස්වාභාවික මුහුණේ ලක්ෂණ පවතින බවත් සහ සෙවනැලි අසමාන බවත් දැකගත හැකිය.

එමෙන්ම Is It Ai image Detector සහ Hive Moderation.com වැනි වෙබ් අඩවි මගින් මෙම ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ මෙම ඡායාරූපවලින් 70%කට වඩා කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇති බවයි.

 

එබැවින් රාමායන චරිතයක් වන කුම්භකර්ණගේ කඩුව සොයාගත් බව පවසමින් සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවේ භාවිතා කර ඇති ඡායාරූප කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ  නිර්මාණය  කරන ලද  බව FactSeeker තහවුරු කරයි.

 

Latest updates

#false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

#false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

#fake

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

uncategorized

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

Related Content

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

ඔක්තෝබර් 9, 2025

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

ඔක්තෝබර් 9, 2025

STARLINK සමාගමෙන් ජංගම දුරකථනයක් හදුන්වා දී නොමැත.

ඔක්තෝබර් 7, 2025

මෙරට තේ නිශ්පාදනයක් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමි වී නොමැත

සැප්තැම්බර් 30, 2025

සිනමා නිළි සායි පල්ලවීගේ AI ඡායාරූප පෙළක්

සැප්තැම්බර් 26, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection