Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

හිටපු ජනපති මහින්දගේ කාල්ටන් නිවසේ විදුලිය විසන්ධි කළා ද?

Misleading
Misleading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමි තංගල්ල කාල්ටන් නිවසේ මාස ගණනක විදුලි බිල්පත් ගෙවා නොමැති වීම නිසා විදුලි කප්පාදුවක් කළ බවට පුවතක් සමාජ මාධ්‍ය වල සංසරණය වන බව factseeker අවධානයට ලක්විය.

by Anonymous |

ඔක්තෝබර් 9, 2024

හුවමාරු වන වීඩියෝව මෙතැනින්

https://www.facebook.com/reel/1034504561689726?mibextid=a5VnDUpeP1iQ3q3p

 

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ Factseeker සොයා බැලීය. එහිදී අපි ලංකා විදුලි බල මණ්ඩලයේ තංගල්ල සහ වීරකැටිය ප්‍රදේශිය කාර්යාලවලින්මේ සම්බන්ධව විමසීමක් කළෙමු.

එහිදී ඔවුන් පැවසුවේ, විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ලැබුණු දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට දී තිබූ ආරක්ෂිත විදුලි පහන් සහ ඒ සඳහා ඇද තිබූ විදුලි රැහැන් ගලවා ඉවත් කළ බවයි. එසේ නොමැතිව බිල් නොගෙවීම නිසා කරන ලද විදුලි කප්පාදුවක් නොවන බව ඔවුන් පැවසීය.

ඇතැම් සමාජ මාධ්‍ය පළකිරීම්වල මෙය නාමල් රාජපක්ෂගේ විවාහ මංගලෝත්සවයට ගන්නා ලද අමතර විදුලි සැපයුම ඉවත් කළේ යැයි සඳහන් කර තිබුණි.

 

https://www.facebook.com/share/p/eH6rc5X62RcXdJW7/

මේ පිළිබඳව වැඩිදුරට කරුණු සොයා බැලීම සඳහා අපි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්  රංජන් ජයලාල්ගෙන් විමසීමක් කළෙමු.

ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබෙන වරප්‍රසාද යටතේ සෑම මන්ත්‍රීවරයෙකුටම නිල නිවස සඳහා ආරක්ෂිත විදුලි ලාම්පු සවිකරන බවයි. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එම වරප්‍රසාදය අහිමි වන නිසා මෙම විදුලි සැපයුම් රැහැන් ගලවා ඉවත් කළ බවයි.

මේ සම්බන්ධව වෙබ් අඩවි කිහිපයක ද තොරතුරු වර්තා කර තිබිණි. ඒවායේ ද මෙය අමතරව ලබා දී තිබූ විදුලි සැපයුමක් ඉවත් කිරීමක් ලෙස දක්වා තිබුණි.

https://www.facebook.com/share/p/VXqCizYFRtxtfKp6/

https://www.facebook.com/share/p/bZgXHSERRXLWDD6b/

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිය අදහස් ද ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව විදුලි බිල නොගෙවීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ විදුලි කප්පාදු කළ බවට පළ වන පුවත් සාවද්‍ය බව Fact Seeker තහවුරු කර යි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection