Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

ලග්ගල ඇතා සම්බන්ධ වීඩියෝව AI නිර්මාණයක්

Factual
Factual

"ලග්ගල ඇතා බේරාගත් මෙහෙයුම" ලෙස සඳහන් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී.

by Anonymous |

ඔක්තෝබර් 7, 2024

ඇතැම් අවස්ථාවල “ඇතුගලේ සිරවී සිටි සිරිකොත ඇතා” යනුවෙන් සටහන් කරමින් ද එම වීඩියෝව සංසරණය වූ අවස්ථා FactSeeker ට හමු විය.

ඒ සම්බන්ධ වීඩියෝ කිහිපයක් මෙතැනින්

https://www.facebook.com/share/v/RwwDgmcRBjLjm7ZF/

https://www.facebook.com/share/v/DH4gYkZyd9SxhUQb/

සම්පූර්ණ වීඩියෝව අවසානයේදී බේරාගත් ඇතා ලෙස නිරූපණය කරනුයේ අප්‍රිකානු සම්භවයක් සහිත ඇතෙකි. ඊට අමතරව තවදුරටත් වීඩියෝව  නිරීක්ෂණය කිරීමේදී අදාළ සිදුවීම අවට රැස් වී සිටින ජනතාව චීන සම්භවයක් සහිත අය බව දැකගත හැකිය. ඒ අනුව ද මෙම වීඩියෝව කෘතීමව නිර්මාණය කර ඇති බව  පැහැදිලි වේ. මීට අමතරව කෘතීම බුද්ධිය යොදාගෙන කළ නිර්මාණ පරීක්ෂා කිරීමේ මෙවලම් වන brandwell.ai සහ sightengine.com වෙබ් අඩවි හරහා ද පරීක්ෂා කළ අතර එය 90%ක් ම කෘතීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කළ ඇති බව තහවුරු විය.

මෙම වීඩියෝව සංසරණය වූ සමාජ මාධ්‍ය පිටුවල ඇතැම්  පුද්ගලයින් මෙය කෘතිම බුද්ධිය යොදාගෙන සිදු කරන ලද බව හඳුනාගෙන තිබූ නමුත් ඇතැම් පිරිස එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹී ඇති බව  අදහස් දැක්වීම් (Comment sections) නිරීක්ෂණය කිරීමේදී   FactSeeker හදුනා ගන්නා ලදී. එවැනි අදහස් දැක්වීම් කිහිපයක් පහතින්

මේ අනුව ලග්ගල ඇතා බේරගත් මෙහෙයුම යනුවෙන් සංසරණය වන වීඩියෝව කෘතීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද්දක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

#false

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

Related Content

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 10,000 ක නව මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

මැයි 18, 2026

රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

මැයි 14, 2026

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection