Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

ජනපති අනුර IMF නියෝජිතයින් මග හැරියා ද?

False
False

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග පැවති සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මඟහැර ගිය බව හඟවමින් සමාජ මාධ්‍ය හරහා විවිධ පෝස්ටු හුවමාරු වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

ඔක්තෝබර් 5, 2024


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් හා නව රජය විසින් ජාත්‍ය්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික නියෝජිත කණ්ඩායම අතර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (02) පවත්වා ඇත.


ජනාධිපති මාධ්‍ය අංශය පළ කර තිබූ පුවත:
https://rb.gy/u4nv1x
ඉන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රී නිවාසන් (Krishna Srinivasan), ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් (Dr. Peter Breuer) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (03) පැවැත්විණි.


එය ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණේ මෙලෙසිනි:
https://rb.gy/ml1ez8

IMF නියෝජිතයින් සමග හමුවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී නොවූ බව සඳහන් පෝස්ටුවලට යොදාගෙන ඇති ඡායාරූපය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙ‌ළේ නියෝජිතයින් සමග ඔක්තෝබර් 02 වැනි දින පැවැති සාකච්ඡාවකදී ගත් ඡායාරූපයකි.

එහිදී දෙපාර්ශවය විසින් ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කළ බව සුනිල් හඳුන්නෙත්ති විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූපයක් ද සමග පළ කර ඇත. මෙසේ හුවමාරු වන්නේ එම ඡායාරූපයයි.
එහි සබැඳිය පහතින්:
https://www.facebook.com/share/p/N866BirV8ai4Fiiy/

ඔක්තෝබර් මස 02 වන දින පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජය අතර පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වී ඇත්තේ, නව රජය විසින් IMF සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායමයි.

කෙසේ වෙතත්, පසුදින (03) ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයට ලක් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් අද (04) දෙවන දිනටද පැවැත්විණි.


ඒ අනුව, IMF නියෝජිතයින්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමු නොවූ බවට හෝ සාකච්ඡා මගහැර ගිය බව දැක්වෙන පෝස්ටු සාවද්‍ය බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection