Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

TNL නාලිකාව වසා දමනවා ද ?

Factual
Factual

ටී.එන්.එල් රූපවාහිනී නාලිකාව අගෝස්තු 01 දා වසා දමන බව සදහන් පෝස්ටුවක් සමාජ මාධ්‍ය ජාල හරහා වේගයෙන් සංසරණය වෙයි.

by Anonymous |

ජූලි 26, 2024

“වසර 31 ක සේවා කාලය අවසන් කරමින් අගෝස්තු 01 දා TNL නාලිකාව වසා දමයි” යනුවෙන් “ඉරි” නැමැති වෙබ් අඩවියක සහ Today News LK නැමැති වෙබ් අඩවියක පළ කළ පෝස්ටුවක් මෙසේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බව Factseeker නිරීක්ෂණය කළේ ය.

 

මෙරට පළමු පුද්ගලික රූපවාහිනී නාලිකාව වූ ටී.එන්.එල් නාලිකාව වසා දමන බවට පළවන පුවත් සත්‍යද? යන්න පිළිබදව Factseeker නිරීක්ෂණයක යෙදුනෙමු.

මෙහිදී කරුණු සොයා යාමේදී  Factseeker ටී.එන්.එල් නාලිකාවේ සේවිකාවක් දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර ඇය ප්‍රකාශ කළේ, සිය නාලිකාව අගෝස්තු 01 දා සිට සුප්‍රීම් ටීවී නාලිකාව හා සමගාමීව විකාශය වන බවයි. එමෙන්ම ටී.එන්.එල් නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලය ද ඔවුන් සමග ඉදිරියට ද කටයුතු කරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

මෙහිදී Factseeker සුප්‍රීම් ග්ලෝබල් පුද්ගලික සමාගමේ සමූහ සන්නිවේදන අධ්‍යක්ෂ හා සුප්‍රීම් මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ කංචන කොඩිතුවක්කුගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළේ, ඉදිරි ජනාධිපතිවරණයේ උණුසුම සුපිරි ආකාරයෙන් ප්‍රේක්ෂකාගාරයට ගෙන යාම සදහා TNL නාලිකාවේ සංඛ්‍යාත සුප්‍රීම් ටීවී නාලිකාවට ලබා දුන් බවත් අගෝස්තු 01 දා සිට සුප්‍රීම් ටීවී සමග ඒකාබද්ධව කටයුතු කරන බවත් ය.

මේ සදහා  TNL ආයතනයේ කළමණාකාරීත්වය සමග සුප්‍රීම් ග්ලෝබල් පුද්ගලික සමාගම සමග ක්‍රමෝපායික ගිවිසුමකට එළැඹි බවත් ඉදිරියේදී TNL ආයතනය සතු ජනමාධ්‍ය ප්‍රවීනත්වයත් සුප්‍රීම් මාධ්‍ය ජාලය සතු නවීනතම තාක්ෂණයත් සමග වඩාත් පුළුල් ආවරණයක් ලබා දෙන බවත් කාංචන කොඩිතුවක්කු ප්‍රකාශ කළේ ය.

එමෙන්ම අගෝස්තු 01 දා සිට “සුප්‍රීම් TNL” රූපවාහිනී නාලිකාව ලෙස හදුන්වන බවත් මුල් කාලයේ සිටම ජනතා ආකර්ශනයට පාත්‍ර වූ කාලීන දේශපාලන වැඩසටහනක් වන “ජනහඩ” ඇතුළු කාලීන දේශපාලන වැඩසටහන් ඒ පරිදිම විකාශය වන බවත් කාංචන කොඩිතුවක්කු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මේ පිළිබද පැහැදිළි කරමින්  සුප්‍රීම් ග්ලෝබල් පුද්ගලික සමාගම මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර ඇත.

 

Latest updates

#misleading

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

#misleading

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

#false

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

#false

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

Related Content

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන සහ දේශපාලන විවේචන පිළිබද පැහැදිලි කිරීමක්

දෙසැම්බර් 10, 2025

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස නේපාලයෙන් පිටුවහල් කළේ අත්අඩංගුවට ගැනීමට පෙර ද?

ඔක්තෝබර් 21, 2025

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකිද ?

සැප්තැම්බර් 24, 2025

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

ජනවාරි 30, 2025

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

ජනවාරි 6, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection