Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

p/ 500 නම් පැරසිටමෝල් වර්ගය මෙරරට ගෙන්වන්නේ නෑ.

False
False

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින යම් යම් මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර දිනෙන් දිනෙන් දින වැඩි වෙමින් පවතින බවක් පෙන්වුම් කරයි.

by Anonymous |

ඔක්තෝබර් 6, 2023

මේ හේතුව නිසා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ඇතැම් ප්‍රචාරයන් නිසා ජනතාව එක්තරා මට්ටමකින් තැති ගැන්මකින් පසුවන බවක් පෙන්වුම් කරයි.

මේ අතර හදිසි අනතුරු ඇගවීමක් ලෙස සදහන් කරමින් p/ 500 නම් පැරසිටමෝල් වර්ගය ශරීරයට අහිතකර බැවින් එය භාවිතයට නොගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දැන්වීමක් Fact seeker නිරීක්ෂණය කළේ ය.

මේ අතර හදිසි අනතුරු ඇගවීමක් ලෙස සදහන් කරමින් p/ 500 නම් පැරසිටමෝල් වර්ගය ශරීරයට අහිතකර බැවින් එය භාවිතයට නොගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දැන්වීමක් Fact seeker නිරීක්ෂණය කළේ ය.

‟එය අලුත්, ඉතා සුදු සහ දිලිසෙන සුළු පැරසිටමෝල් වර්ගයක් වන අතර ඉහළ මරණ අනුපාතයක් සහිත ලොව භයානකම වෛරස් වලින් එකක් ලෙස සැලකෙන “මචුපෝ” වෛරසය එහි අඩංගු බව වෛද්‍යවරු උපදෙස් දෙති.” යනුවෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ එම නිවේදනයේ සදහන් වී තිබිණි.

මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට Fact seeker කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබද මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සම්බන්ධ කර ගත්තෙමු.

එහිදී ඇය සදහන් කළේ p/ 500 නම් පැරසිටමෝල් වර්ගයක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නොමැති බැවින් මෙම ප්‍රචාරය අසත්‍ය බව ය.

ඒ අනුව සමජා මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව Fact seeker තහවුරු කරයි.

 

Latest updates

#misleading

සිනොපෙක් ශ්‍රී ලංකාවට ආවේ මාලිමා ආණ්ඩුවෙන් ද?

ජූලි 22, 2025

#AI

මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

ජූලි 17, 2025

#misleading

සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

ජූලි 17, 2025

#PARTIALLYFACTUAL

ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

ජූලි 14, 2025

Related Content

ඇමෙරිකාවෙන් බදු සහනයක් ගැනීමට ගිය ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව ද?

ජූලි 1, 2025

යළි භාවිතයට නිර්දේශ කළ ඖෂධය කෙහෙළියගෙ බාල බෙහෙත නෙවෙයි

ජූනි 3, 2025

ඩයලොග් නොමිලේ දීමනා ගැන වට්ස්ඇප් පණිවිඩ ව්‍යාජයි

ජූනි 2, 2025

Mr. Been මියගොස් ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

මැයි 30, 2025

ආරුගම්බේ වෙරළේ බිකිනි ඇඳීමට තහනමක් නෑ

මැයි 27, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection