Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

Mr. Been මියගොස් ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි

False
False

ප්‍රහසන රංගන ශිල්පියෙකු වන රොවන් ඇට්කින්සන් හෙවත් Mr. Been මියගොස් ඔහුගේ අවසන් කටයුතු කරන දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

by Anonymous |

මැයි 30, 2025

මෙම වීඩියෝව බොහෝ පරිශීලකයන් විසින් දෙමළ භාෂාවෙන් සටහනක් ද සමග බෙදා ගෙන තිබෙන බව නිරීක්ෂණය විය.

“சிரிப்பவன் மனிதன், சிரிக்கவைப்பவன் மாமனிதன் – இன்று மன்னோடு Mr. Bean”
එහි සිංහල අර්ථය වන්නේ, “සිනහවන පුද්ගලයා මිනිසෙකි, වෙනත් අය සිනස්වන පුද්ගලයා ශ්‍රේෂ්ඨ මිනිසෙකි.” යන්න ය.

FactSeeker මෙම පළකිරීම්වල සත්‍ය අසත්‍යතාව විමර්ශනය කිරීමේදී රෝවන් ඇට්කින්සන්ගේ මරණය සනාථ කරන කිසිදු ආකාරයක නිල ප්‍රවෘත්තියක් විදෙස් මාධ්‍ය අන්තර්ගතයන් තුළ නොතිබිණි.

මීට අමතරව, ඔහුගේ නිල සමාජ මාධ්‍ය වේදිකාවන්වල ද එවැනි සිද්ධියක් පිළිබඳ කිසිඳු සඳහනක් නොතිබිණි.

සංසරණය වන වීඩියෝවේ ඡායාරූප කිහිපයක් Google Reverse Image හරහා පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ එය රෝවන් ඇට්කින්සන්ගේ අවමංගල්‍යයට සම්බන්ධ නොවන බවයි. එම වීඩියෝවට අදාළ සත්‍ය සිදුවීම, 2017 මාර්තු මාසයේදී වෙස්ට්මිනිස්ටර් ත්‍රස්ත ප්‍රහාරයේදී ඝාතනය කරන ලද පොලිස් නිලධාරි කීත් පාමර්ගේ අවමංගල්‍යයට අදාළ වීඩියෝ දර්ශන බව අනාවරණය විය.

මීට අමතරව මෙම පළකිරීම් ව්‍යාජ බව තහවුරු කර ගැනීම සඳහා රෝවන් ඇට්කින්සන්ගේ මෑතකාලීන නිර්මාණ දායකත්වයන් කිහිපයක් පිළිබඳ තොරතුරු FactSeeker ට සොයා ගත හැකි විය.

Mr. Bean: The Animated Series Season 4 – පසුගිය මැයි 01 දා එක්සත් රාජධානියේ සහ මැයි 5 වන දින අප්‍රිකාවේ දී පවත්වා තිබිණි. රෝවන් ඇට්කින්සන් එහි විධායක නිෂ්පාදකයා ලෙස කටයුතු කර ඇත.

 

Man vs Baby නමින් නෙට්ෆ්ලික්ස් හි කොටස් හතරක ප්‍රහසන කතා මාලාවක් ද මේ වන විට නිෂ්පාදන කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාතාකර ඇත.
Jhonny English 4 – Jhonny English Franchise නම් සිව්වන චිත්‍රපටය මේ වසරේ එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍යවල වාර්තා වෙයි.

මේ අනුව, Mr.Bean වශයෙන් සුප්‍රසිද්ධ ප්‍රහසන රංගන ශිල්පී රෝවන් ඇට්කින්සන් අභාවප්‍රාප්ත වී ඇති බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් සහ හුවමාරු වන වීඩියෝව නොමගයවනසුළු වීඩියෝවක් බවත් ඔහු දැනට විවිධ විනෝදාස්වාද ප්‍රසංගවල නිරතවෙමින් සිටින බවත් Factseeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection