Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • ආර්ථික

MAS හෝල්ඩින්ග් සමූහයේ මිහින්තලේ කර්මාන්ත ශාලා දෙකක් නෑ.

Partially factual
Partially factual

මෙරට අපනයන ඇගළුම් කර්මාන්තයේ අද්විතීය නමක් දිනා ඇති MAS හෝල්ඩින්ග් සමූහයට අයත් මිහින්තලේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වසා දැමීමෙන් දහස් ගණනකගේ රැකියා අහිමි වී තිබෙන බව srilanakamirror.com වෙබ් අඩවිය පසුගියදා ප්‍රවෘත්තියක් පළ කර තිබිණි.

by Anonymous |

සැප්තැම්බර් 11, 2023

මෙරට අපනයන ඇගළුම් කර්මාන්තයේ අද්විතීය නමක් දිනා ඇති MAS හෝල්ඩින්ග් සමූහයට අයත් මිහින්තලේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක් වසා දැමීමෙන් දහස් ගණනකගේ රැකියා අහිමි වී තිබෙන බව srilanakamirror.com වෙබ් අඩවිය පසුගියදා ප්‍රවෘත්තියක් පළ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් “ඇගළුම් දැවැන්තයෙක් වූ MAS හෝල්ඩින්ග් කර්මාන්ත ශාලා දෙකක් වසයි.” යනුවෙන් පෝස්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වී තිබිණි.

මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබද සොයා බැලීමට Factseeker ට අවශ්‍ය විය. ඒ අනුව අපි MAS හෝල්ඩින්ග් සමුහයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියෙකු සම්බන්ධ කර ගත්තතෙමු.

එහිදී ඔහු සදහන් කළේ, MAS හෝල්ඩින්ග් සමූහයේ කර්මාන්ත ශාලා දෙකක් මිහින්තලේ නොමැති අතර එහි ඇත්තේ එක් කර්මාන්ත ශාලාවක් පමණක් බව ය. කර්මාන්ත ශාලා දෙකක් වසා දමා ඇති බවට පළවන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව හෙතෙම සදහන් කළේ ය.

එමෙන්ම මෙම ප්‍රවෘත්තියේ සදහන් වන පරිදි මිහින්තලේ කර්මාන්ත ශාලාව වසා දමා සේවකයින් ඉවත් කර නොමැති අතර එය වසා ඇත්තේ තාවකාලිකව පමණක් බව ත් ඔවුන්ට නියමිත පරිදි වැටුප් ගෙවන බවත් ඔහු සදහන් කළේ ය.

මිහින්තලේ කර්මාන්ත ශාලාව ඉකුත් අගෝස්තු 25 වෙනිදා සිට තාවකාලිකව වැසීමට හේතු වූයේ ඇගළුම් ක්ෂේත්‍රයේ ගෝලීයව උද්ගතව පවතින  ඇනවුම් අඩු වීමේ ප්‍රවනතාව මත බව හෙතෙම වැඩිදුරටත් සදහන් කළේ ය.

එමෙන්ම MAS හෝල්ඩින්ග් සමූහයට අයත් කර්මාන්ත ශාලා 40 කට අධික සංඛ්‍යාවක් පවතින අතර එහි සේවකයෝ 80 000 කට අධික සංඛ්‍යාවක් සේවය කරති.

ඒ අනුව MAS හෝල්ඩින්ග් මිහින්තලේ කර්මාන්ත ශාලා දෙකක් වසා දමා එහි සේවකයින් දහසකට පමණ රැකියා අහිමිවන බවට පළවන වාර්තා නොමග යවන ප්‍රවෘත්තීන් බව Factseeker තහවුරු කරයි.

English article

|

Tamil article

|

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

ලෝක බැංකුව සෘජුවම දිළීඳු සහන ලබාදීමට සූදානම්ද?

නොවැම්බර් 14, 2023

අනුරාධපුරයට ඇතුළුවන වාහනවලින් බද්දක් අය කරනවාද?

නොවැම්බර් 14, 2023

සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙන්නේ ව්‍යාජ ලිපියක් – චීනය

නොවැම්බර් 14, 2023

උතුරු නැගෙනහිර පළාත් නැවත පදිංචි කිරීමට රුපියල් බිලියන 2,000ක් වෙන් කළා ද?

නොවැම්බර් 14, 2023

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection