Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

HMPV වෛරසය සම්බන්ධයෙන් පැතිර යන තොරුතුරු අසත්‍යයි

Misleading
Misleading

උතුරු චීනයේ මේ වන විට පැතිර යමින් පවතින HMPV වෛරසය වැළඳුනු ශ්‍රී ලාංකිකයින් හඳුනාගෙන ඇති බව‍ට සඳහන් වන පෝස්ටු සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

by Anonymous |

ජනවාරි 16, 2025

ඒ අනුව FactSeeker මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, අනුක හා ප්‍රතිශක්තීකරණ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලිකා මලවිගේ විසින් 2024 වසරේ පැවැති දත්ත පිළිබඳව කළ පැහැදිළි කිරීමක් පාදක කර ගනිමින් මෙම පෝස්ටු සංසරණය වන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එම සංගමයේ ශ්‍රවනාගාරයේදී ඉකුත් ජනවාරි 08 දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය මේ පිළිබඳ කරුණු අනාවරණය කර තිබිණි.

මෙම අදහස් දැක්වීමේදී නීලිකා මලවිගේ ප්‍රකාශ කර තිබුණේ, වසර 20 ක පමණ කාලයක සිට ලෝකයේ මෙම වෛරසය පවතින බවයි.

මෙම වෛරසය වැළඳුණු රෝගීන් 2023 වසරේ දෙසැම්බර් මාසයේදී හදුනාගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ජාන පරීක්ෂණ කර පර්යේෂණ වාර්තාවක් ද පවතින බව ඇය එහිදී සඳහන් කර තිබිණි. පසුව 2024 ජනවාරි මාසයේදී ද  මහනුවර ජාතික රෝහලේදි වෛරස පිළිබද විශේෂඥ වෛද්‍ය අතීකා අක්‍රම් විසින් රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගෙන තිබූ බව ද නීලිකා මලවිගේ මහාචාර්යවරිය එහිදී ප්‍රකාශ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් ලෝකයේ මෙතෙක් පවතින දත්ත ඉදිරිපත් කරඇති බව ද ඇය වැඩිදුරටත් සදහන් කරයි.

https://www.who.int/emergencies/disease-outbreak-news/item/2025-DON550

මේ අනුව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන මෙම පෝස්ටුවල සඳහන් කරුණු මෙම වසරේ ජනවාරි මාසයේ තත්ත්වය නොවන අතර එය 2024 වසරේ දත්ත වන බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

#false

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

#misleading

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

#fake

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

Related Content

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

නොවැම්බර් 1, 2025

තායි රාජා සහ කණ්ඩුල ඇතුන් තායිලන්තයට රැගෙන යාමේ සූදානමක් නැහැ

ඔක්තෝබර් 29, 2025

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව යන වාර්තා පිළිබද පැහැදිලි කිරීමක්

ඔක්තෝබර් 28, 2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

ඔක්තෝබර් 24, 2025

අලුත් ආදායම් ක්‍රමයක් පිළිබඳ කුමාර් සංගක්කාර කරන ප්‍රවර්ධන වීඩියෝව AI නිර්මාණයක්.

ඔක්තෝබර් 23, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection