Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

Dilmah සමාගම වසන්ත සමරසිංහට වාර්ෂික අනුග්‍රාහක මුදලක් ලබා දුන්නා ද?

False
False

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහගේ නමට Dilmah සමාගම විසින් වාර්ෂිකව අනුග්‍රාහකත්ව මුදලක් ලබා දීමක් පිළිබඳ දැක්වෙන ලිපියක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙයි.

by Anonymous |

සැප්තැම්බර් 16, 2024

Dilmah සමාගමේ හිමිකරු වන මෙරිල් ජේ. ප්‍රනාන්දුගේ අත්සනින් යුතුව 2021 මැයි 14 දිනැති ලිපියක් මෙලෙස සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව Factseeker නිරීක්ෂණය කළේ ය.

 

වසන්ත සමරසිංහගේ ඉල්ලීම පරිදි ඩෙල්මා සමාගම ‘වාර්ෂික අනුග්‍රාහකත්ව මුදල’ ලෙස  රුපියල් ලක්ෂ 15ක මුදල ගෙවා අවසන් වුව ද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අයෙක් Dilmah සමාගමට මුදල් ඉල්ලා තර්ජනය කරන බව එම ලිපියෙහි සඳහන් වෙයි.

සමාජ මාධ්‍ය හරහා මෙම ලිපිය වේගයෙන් සංසරණය වීම නිසා Factseeker ඒ පිළිබඳ සොයා බැලීය.

මෙම ලිපිය හෝ එහි අන්තර්ගත තොරතුරු පිළිබඳව ප්‍රධාන මාධ්‍යයේ වාර්තා කර ඇත් දැයි නීරීක්ෂණය කළ ද එවැනි මුදල් ලබාදීමක් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර නොතිබුණි.

මේ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහගෙන් විමසීමේදී ඔහු පැවසුවේ, මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් ජාතික ජන බලවේගය අපහසුතාවයට පත්කිරීමේ අරමුණෙන් මෙය කර ඇති බවත්ය.

Dilmah සමාගමේ ලේකම්වරිය වන ජයංගා වෑගොඩපොලගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර ඇති අතර මෙය සම්පූර්ණයෙන් අසත්‍ය බව ප්‍රකාශ කර ඇත. 2021 මැයි 14 දිනැතිව තම ආයතනයේ නමින් සංසරණය වන ලිපිය වංචනික ලිපියක් බව  එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.

ඒ අනුව ‘වාර්ෂික අනුග්‍රාහකත්ව මුදල සම්බන්ධවයි” යනුවෙන් හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව factseekr  තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection