Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට අහෝසි ද ?

Partially factual
Partially factual

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බවට හා පසුගිය සැප්තැම්බර් මස පැවති ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රතිඵල නිකුත් නොකරන බවටත් සඳහන් කරමින් whatsApp වැනි සමාජ ජාලා වල පුවත් සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

දෙසැම්බර් 2, 2024

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සොයා බැලීය.

පසුගිය සැප්තැම්බර් 15 වනදා පැවති 5 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටවීම සම්බන්ධයෙන් දෙමව්පියන් අභියාචනයක් ගොනු කරනු ලැබීය. නොවැම්බර් 18 දින එම අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. ප්‍රධාන මාධ්‍ය වල හා සමාජ මාධ්‍ය මෙය වාර්තා කොට තිබුණි.

https://www.virakesari.lk/article/199078

https://www.adaderana.lk/news.php?nid=103581

එසේ වුවද සමාජ මාධ්‍ය තුළ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් නොකරන බව හා ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට අහෝසි කරන බවට සඳහන් පෝස්ටු සංසරණය වන බැවින් තවදුරටත් විමර්ශනය කළේය.

මේ සම්බන්ධව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත්‍ ජයසුන්දරගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අධිකරණය ලබාදුන් නියෝගය අනුව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නතර කළ බවයි

තවදුරටත් මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී එහි ලේකම් විශාකා අබේරත්න මහත්මිය පැවසුයේ දැනට නිකුත් වී ඇති අධිකරණ නියෝගය අනුව ප්‍රතිඵල නිකුත් නොකරන බව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වන නමුත් ලබන වසරේදී ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කර නොමැති බවයි.

මේ අනුව සමාජ මාධ්‍ය වල හුවමාරු වන 5 ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට අහෝසි වන බව සඳහන් පුවත් අසත්‍ය බව සහ අධිකරණයෙන් නිකුත් කෙරුණු අතුරු තහනම් නියෝගය හේතුවෙන් අදාල ඇගයීම් කටයුතු අත්හිටුවා ඇති බව FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

ජනවාරි 30, 2025

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

ජනවාරි 6, 2025

කසකස්තානයේ ගුවන් අනතුරින් සියල්ලන් ජීවිතක්ෂයට පත්වුණාද?

දෙසැම්බර් 27, 2024

පාසල් නිල ඇඳුම් නොමිලේ ගත්තේ සුසිල් ද? හරිනිද?

දෙසැම්බර් 17, 2024

මුදල් ඉල්ලමින් ලැබෙන වට්ස්ඇප් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් වන්න?

දෙසැම්බර් 14, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection