Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

හෝර්ටන් තැන්නේ නෙලූ ශාක විනාශ කර නෑ.

False
False

'නෙලූ මල්' හෙවත් 'මොනොකොපික්' (Monocarpic) මල් වර්ගය ශ්‍රී ලාංකිකයන් අතර මේ දිනවල ප්‍රසිද්ධි මාතෘකාවක් බවට පත් ව ඇත.

by Anonymous |

ඔක්තෝබර් 9, 2025

‘නෙලූ මල්’ හෙවත් ‘මොනොකොපික්’ (Monocarpic) මල් වර්ගය ශ්‍රී ලාංකිකයන් අතර මේ දිනවල ප්‍රසිද්ධි මාතෘකාවක් බවට පත් ව ඇත.

ඒ හෝර්ටන් තැන්නට පමණක් සුවිශේෂී වූ අධි සංවේදී පරිසර පද්ධතිය තුළ ‘ වසර 12කට වරක් ‘නෙලූ මල්’ පිපීම දැකගැනීමේ අවස්ථාව උදා වීමත් සමඟ ය.

සමාජ මාධ්‍ය තුළ මේ වන විට විශාල කතා බහක් ඇති කර තිබෙන හෝර්ටන් තැන්නේ  ‘නෙලූ මල්’ නැරඹීමට එන දේශීය සංචාරකයින් එම ශාක විනාශ කර දමන ආකාරය දක්වෙන රූප රාමු කිහිපයක්  FactSeeker අපට නිරික්ෂණය විය.

මෙම ඡායාරූපය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දෙදහකට අධික පිරිසක් වෙත හුවමා රු කරගෙන තිබූ අතර අදහස් දැක්වීම් තීරුවල (comment section) මේ සම්බන්ධව බොහෝ විවේචනයන් නිරීක්ෂණය කිරීමට අපට හැකි විය.

නමුත් මෙම ඡායාරූප‍ය වඩාත් හොදින් අධ්‍යනය කිරීමේදී, රූපයේ ගුණාත්මක බව අඩු මට්ටමක තිබීම, හෝර්ටන් වැනි අධික ශීතල ප්‍රදේශයක සාමාන්‍ය ඇදුම් ඇඳ සිටීම වැනි කරුණු මත එය සත්‍ය ඡායාරූපයක් ද යන්න සැකයක් මතු විය.

ඒ අනුව, AI නිර්මාණ ද? යන්න තහවුරු කර ගැනීම සඳහා උපයෝගී කර ගන්නා වෙබ් අඩවි තුනම ඔස්සේ මෙම ඡායාරූපය නිරීක්ෂණය කළ විට 99% ක් ම මෙය AI තාක්ෂණය    යොදාගෙන නිර්මාණය කරන ලද බවට කරුණු අනාවරණය  විය.

තහවුරු කරගත් මෙම කරුණු අනුව, පුද්ගලයින් විසින් හෝර්ටන් තැන්නේ නෙලු මල් ශාක විනාශ කරන ආකාරය දක්වෙන ඡායාරූපය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection