Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #misleading

හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

Misleading
Misleading

හුවමාරු වන වීඩියෝ 2023 දී නේපාලයේ පෝකරා නගරයේ දී සිදු වූ අනතුරකදී සහ 2025 මැයි මාසයේදී කරච්චි සිට ලාහෝර් වෙත ගමන් කළ යානයකදී රූගත කළ දර්ශන බව අනාවරණය විය.

by Anonymous |

ජූනි 13, 2025

ගුජරාට් ප්‍රාන්තයේ අහමඩාබාද් නගරයේදී එයාර් ඉන්ඩියා සමාගමට අයත් ගුවන් යානයක් ඊයේ (12) අනතුරකට ලක්විය. මෙම අනතුරේදී  ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 290කට අධික සංඛ්‍යාවක් මිය ගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේ ය.

මෙලෙස අනතුරට ලක්වූ ගුවන් යානයේ සිටි මගීන් විසින් එම අනතුරට පෙර රූගත කළ බව පවසමින් සමාජ මාධ්‍ය වේදිකාවල විශාල වශයෙන් හුවමාරු වන වීඩියෝ කිහිපයක් FactSeeker නිරීක්ෂණය කළේ ය.

මෙම වීඩියෝ “ගුජරාටයේ  ගුවන් අනතුරක් … මගීන් රූගත කළ කම්පන සහගත දර්ශන” මෙන්ම  “මගීන්ගේ අවසාන මොහොත” යනුවෙන් සඳහන් කරමින් හුවමාරු කර ගෙන තිබිණි.

මෙම වීඩියෝ සමාජ මාධ්‍ය හරහා පුළුල් වශයෙන් බෙදාහැරුණු නිසා  FactSeeker එම දර්ශන වල සත්‍යතාවය පරීක්ෂා කිරීමට කටයුතු කළේය.

“ගුජරාට් ගුවන් අනතුර… මගීන් රූගත කළ කම්පන සහගත දර්ශන” ලෙස සඳහන් කර තිබූ වීඩියෝව Google Lens භාවිතයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වූයේ එම දර්ශන 2023 වසරේ සිදුවූ වෙනත් ගුවන් අනතුරකට අයත් බවය. විශේෂයෙන්ම, එය 2023 ජනවාරි 15 වනදා නේපාලයේ පෝඛරා නගරයේදී අනතුරට ලක්වූ ගුවන් යානයක සිටි මගියෙකු විසින් Facebook හරහා සජීවීව විකාශය කළ වීඩියෝවක් බව තහවුරු විය.

මෙම අනතුර සම්බන්ධයෙන් පසුගියදා හුවමාරු වූ සමාජ මාධ්‍ය පළ කිරීම සහ පුවත් වාර්තාද ඒ බව සනාථ කළේය.

ඊට අමතරව, “මගීන්ගේ අවසාන මොහොත” ලෙස සඳහන් කරමින් බෙදාහැරුණු වීඩියෝව විශ්ලේෂණය කළ විට, එය පකිස්තානයේ සිදුවූ වෙනම සිදුවීමක් බව හෙළිවිය.

විශේෂයෙන්, මෙම වීඩියෝව රූගත කර ඇත්තේ මේ වසරේ මැයි 24 වනදා කරච්චි සිට ලාහෝර් දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක සිටි මගෙකු විසිනි. ඒ එදින, ඇති වූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් ගුවන් යානයට ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වී ඇත. එහිදී මගීන් දැඩි භීතියට ද පත් වී ඇත.

නමුත් පුවත් වාර්තා අනුව, එම දැඩි අසීරු තත්ත්වයක , යානය ආපසු ආරක්ෂිතව ගොඩබැසී ඇති අතර, කිසිදු තුවාලයක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැත.

අපි කළ නිරීක්ෂණ අනුව පළමු වීඩියෝව 2023 දී නේපාලයේ පෝඛරා නගරයේ සිදුවූ ගුවන් අනතුරකදී රූගත කළ දර්ශන වන අතර, දෙවැනි වීඩියෝව 2025 මැයි මාසයේදී කරච්චි සිට ලාහෝර් වෙත ගමන් කළ යානයක දැඩි කැළඹිලි සහිතව ගමන් ගැනීමක දී රූගත කළ දර්ශන බව අනාවරණය විය.

එම නිසා, මේ වනවිට සමාජ මාධ්‍ය හරහා බෙදාහැරෙන මෙම වීඩියෝ, අහමදාබාද් හි පසුගියදා සිදු වූ ගුවන් අනතුරට අදාළ මගීන් විසින් රූගත කළ දර්ශන නොවන බව Factseeker තහවුරු කරයි.

 

Latest updates

#false

ඉන්දීය හමුදාපතිවරයා ඉරාන නෞකාවක තොරතුරු ඊශ්‍රායලය සමඟ බෙදාගත් බවට පැතිර යන අසත්‍ය වීඩියෝව

මාර්තු 12, 2026

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

Related Content

ආපදාවට ලක්වූ දරුවෙකුගේයැයි දක්වමින් සංසරණය වන වීඩියෝව නිර්මාණාත්මක රංගනයක කොටසකි.

දෙසැම්බර් 18, 2025

දැඩි සුළං හේතුවෙන් කඩා වැටී ඇත්තේ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවකි.

දෙසැම්බර් 17, 2025

ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමක් සිදුවී ඇති බවට පළවන වාර්තා සත්‍යයි.

දෙසැම්බර් 2, 2025

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නොවැ.21 රැළියේ දී ගත් ඒවා නොවේ.

නොවැම්බර් 24, 2025

පොලිස් සේවයෙන් විසිදහසක් විශ්‍රාම යන බව චාමර සම්පත් කළ ප්‍රකාශය සාවද්‍යයි.

නොවැම්බර් 24, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection