Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

හුවමාරු වන වීඩියෝවේ සිටින පුද්ගලයා ටික් ටොක් හිමිකරුද?

False
False

ලොව පුරා ප්‍රචලිත සමාජ මාධ්‍ය අයිකනයක් වන ටික් ටොක් සමාජ ජාලයේ හිමිකරු බව සඳහන් කරමින් පාද අහිමි ව ආබාධිත පුද්ගලයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව FactSeeker නිරීක්ෂණය කළේය

by Anonymous |

පෙබරවාරි 26, 2025

හුවමාරු වන මෙම විඩියෝවල මොහු ටික් ටොක් සමාජ මාධ්‍යයේ නිර්මාතෘ බව බොහෝ පරිශීලකයින් විශ්වාසය පළ කර ඇති අතර ඇතැම්හු ඒ ඔහු නොවන බව සදහන් කර ඇත. මෙම පරස්පරතාවය නිසා මේ පිළිබද Factseeker සොයා බැලීය.

Factseeker පළමුව ටික් ටොක් හි නිර්මාතෘ හා හිමිකරු වන්නේ කවුරුන්ද? යන්න පිළිබඳව විමර්ශනය කළේය.
ටික් ටොක් යනු චීනයේ ByteDance සමාගම සතු කෙටි ආකෘති වීඩියෝ රැඳවුම් සහිත සමාජ මාධ්‍ය සේවාවකි.
එය 2016 වසරේදී නිකුත් කර ඇති අතර එහි නිර්මාතෘ Zhang Yiming නැමැති චීන ජාතික තාක්ෂණික විශේෂඥයාය. ඔහු ByteDance හි සම නිර්මාතෘ ද වේ.

ඒ අනුව වීඩියෝවේ සිටින මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු නිරීක්ෂණය කළේය. මොහු Chen Zhou නැමැති ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයෙකි. මොහු මුල් කාලයේ වීදි ගායකයෙකි. පසුකාලීනව ඔහු කළ අභියෝගාත්මක කඳු තරණයක් නිසා ප්‍රසිද්ධියට පත්විය.ඔහු මේ වන විට සුප්‍රසිද්ධ දේශකයෙකු බවට පත්ව ඇත.
Chen Zhou ට විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් සිටින බව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරිශීලනය කිරීමේදී පැහැදිලි වෙයි.

ඒ අනුව ටික් ටොක් සමාජ ජාලයේ නිර්මාතෘ හා හිමිකරු ලෙස සදහන් කරමින් සංසරණය වන වීඩියෝ හි සත්‍යතාවක් නොමැති බවත් එහි සිටින්නේ ප්‍රසිද්ධ දේශකයෙකු බවත් FactSeeker තහවුරු කරයි.

Latest updates

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

#false

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

#false

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

#fake

දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා බව සුනිල් වටගල මව්බිමට පුවත්පතට කියලා නෑ.

ජනවාරි 12, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection