හුවමාරු වන ඡායාරූප Mr.Bean ගේ වත්මන් තත්ත්වයද?

ලොව පුරා ලොකු කුඩා කා අතරත් ජනාදරයට පාත්‍ර වූ ප්‍රහසන රංගන ශිල්පියෙක් වූ Mr.Bean හෙවත් රෝවන් ඇට්කින්සන්ගේ වත්මන් තත්ත්වය බව පවසමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ඡායාරූප සටහනක් Factseeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
ජූලි 22, 2024

“අපි ආදරය කළ ඔහු.ලෝක ධර්මතාව කාටත් පොදුයි” යනුවෙන් සහ ඔහු රෝගී වී ඇති බව ඉංග්‍රීසි බසින්ද සදහන් කළ ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබූ බැවින් Factseeker ඒ පිළිබද සොයා බැලී ය.
රෝවන් ඇට්කින්සන්ගේ 1990 වසරේදී පෙනුම සහ 2024 වසර වන විට ඔහුගේ පෙනුම බවට ඡායාරූප දෙකක් සන්සන්දනය කරමින් හුවමාරු වූ ඡායාරූප සටහන් පෙළකින් පෙන්වා දී තිබුණේ ඔහු ඉතා අසනීප තත්ත්වයෙන් ඔත්පල වී ශරීරය ද දුබලව පවතින බව ය.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පරිදි රෝවන් ඇට්කින්සන් මෙසේ රෝගාතුරව පසු වන්නේදැයි Factseeker විදෙස් මාධ්‍ය පරීක්ෂා කළෙමු. නමුත් එවැන්නක් සොයා ගත නොහැකි විය.
අන්තර්ජාලයේ පිරික්සීමේදී අපිට සොයා ගත හැකි වූයේ මීට සති කිහිපයට පෙර ෆෝමියුලා වන් ධාවන ඉසව්වකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ඉතා සෞඛ්‍ය සම්පන්නව ඒ සදහා පෙනී සිටින ආකාරය දැක ගත හැකි විය.
එම වීඩියෝව මෙතැනින් – https://youtu.be/RVl2dGBKu8c?si=-0hMnYx3hhplND75
Mr.Bean හෙවත් රෝවන් ඇට්කින්සන් නැමැති ප්‍රහසන රංගන ශිල්පියාගේ වර්තමාන තත්ත්වය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය හරහා පළවූ ඡායාරූපය ඔහුගේ නොව 2020 වසරේදී මියගිය Barry Balderstone නැමැති පුද්ගලයෙකුගේ ඡායාරූපයක් භාවිත කර නිර්මාණය කළ නොමග යවන සුළු සංස්කරණයක් බව Factseeker තහවුරු කරයි.
Barry Balderstone කාලයක් පුරා විවිධ රෝගාබාධයන්ට ප්‍රතිකාර කරමින් සිටියදී මියගොස් ඇත.
එමෙන්ම Mr.Bean හෙවත් රෝවන් ඇට්කින්සන් මීට සති කිහිපයකට ඉහතදී ෆෝමියුලා වන් ධාවන ඉසව්වකදී කළ සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටින ආකාරය අනුව ඉතා සෞඛ්‍ය සම්පන්නව සිටින බව පැහැදිළි වෙයි.