Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

හිටපු ජනපති මෛත්‍රී පාස්කු ඉරිදා ප්‍රහාරය පොත අතැතිව සිටින ඡායාරූපයක් ද?

Factual
Factual

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත'පාස්කු ඉරිදා ප්‍රහාරය' කෘතිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතැතිව ලබාගත් ඡායාරූපයක් විවිධ අර්ථකථන සහිත ව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

by Anonymous |

ඔක්තෝබර් 7, 2024

එහිදී ඇතැමෙකු ප්‍රශ්න කර තිබුණේ , එය සංස්කරණය කළ ඡායාරූපයක් ද යන්නයි.

එබැවින් එහි සත්‍යතාව FactSeeker  පරීක්ෂා කළේ ය.

සුනන්ද දේශප්‍රිය විසින් රචිත ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ කෘතිය සයුර ප්‍රකාශනයකි.

 

එම නිසා සුනන්ද දේශප්‍රිය හෝ සයුර ප්‍රකාශකයින් විසින් මෙම ඡායාරූපය තම සමාජ මාධ්‍ය ගිණුමක පළ කර තිබේද? යන්න පිළිබඳව අපි සොයා බැලුවෙමු.

එහිදී සයුර ප්‍රකාශකයින්ගේ නිල ෆේස්බුක් පිටුව මගින් එම ඡායාරූපය පළ කර තිබෙන බව අපට නිරීක්ෂණය විය.

සුනන්ද දේශප්‍රිය විසින් ද සිය X ගිණුමේ එම ඡායාරූපය උපුටා පළ කර තිබිණි.

අප මෙම ඡායාරූපය පිළිබඳව සයුර ප්‍රකාශන අධිපති නිලන්ත ගමගේගෙන් විමසීමක් කළෙමු.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සයුර ප්‍රදර්ශන කුටියට පැමිණ අදාළ කෘතිය මිලදී ගත් බවත්, එහිදී බොහෝ දෙනෙකු ඔහුගේ ඡායාරූප ලබාගත් බවත්ය.

මෙසේ හුවමාරු වන්නේ එලෙස ලබාගත්  ඡායාරූපයක් බව ඔහු සඳහන් කළේය.

FactSeeker මේ පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්යාලයෙන් ද විමසීමක් කළේය.

එහිදී එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පාඨකයෙකුගේ ඉල්ලීමක් මත හිටපු ජනාධිපතිවරයා ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ කෘතිය සමග මෙම ඡායාරූපයට පෙනී සිටි බවයි.

එය සත්‍ය ඡායාරූපයක් බව ඔහු තහවුරු කළේය.

හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සයුර පොත් කුටියට පැමිණ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ කෘතිය මිලදී ගන්නා ආකාරය දැක්වෙන තවත් ඡායාරූප කිහිපයක් අපට හමුවිය.

 

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ කෘතිය අතැතිව ලබාගත් ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection