හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ පරණ ඡායාරූපයක් නැවතත් හුවමාරු වෙයි
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් සමාජයේ වරින් වර විවිධ කතා බහ ඇති වෙයි.
by Anonymous |
පෙබරවාරි 16, 2024
මේ අතර ‘නරක පාලකයන්ගේ තත්ත්වය’ ලෙස විවේචනය කරමින් , හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ලන්ඩන් නුවර වීදිවල ඇවිද යන අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතින බව Factseeker නිරීක්ෂණය කළේ ය.
කෙසේ වෙතත්, මෙම ඡායාරූපය 2021 වසරේදී ඇය ලන්ඩනයේ පදිංචිව සිටිය දී ගන්නා ලද ඡායාරූපයකි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචි නොවුණත් සෘජු දේශපාලන කටයුතුවල නියැලෙමින් සිටින්නීය.
එබැවින් ඇයගේ පැරණි ඡායාරූපය මේ වන විට නැවතත් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතින බව factseeker තහවුරු කරයි.