Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

හරිනි අමරසූරිය මෙහෙම කිව්වා ද?

False
False

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය එන්න එන්නම ළං වන විට දේශාපාලන කරළිය ද දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. ඊට සමගාමීව අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය වීම ද දිනෙන් දින වැඩි වෙමින් පවතී. ඒ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය කළ බව කියන ප්‍රකාශ කිහිපයක් Factseeker නිරීක්ෂණය කළේ ය.

by Anonymous |

අගෝස්තු 27, 2024

“දියවඩන නිළමේ කියන පුද්ගලයාගේ රළු හැසිරීම පිළිකුල් සහගතයි” – අපගේ නීතීවේදීන් දැනටමත් ඔහුට ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි” යනුවෙන් හරිනි අමරසුරිය ප්‍රකාශ කළ බවට සඳහන් පුවතක් මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී. මෙය “දසත පුවත්” වෙබ් අඩවියේ පළ කර ඇති බව හුවා දක්වා තිබිණි.

එමෙන්ම  “භික්ෂු සමුළුව මාලිමාවේ වැඩක් නෙවෙයි ඒක ජවිපෙ වැඩක්. කිසිසේත්ම මාලිමාව ජාතිවාදී තැනකට තල්ලු වෙන්නේ නැහැ” යනුවෙන් හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය සිදුකළේ යැයි සඳහන් ප්‍රකාශයක් ඇතුළත් පෝස්ටුවක් ද සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතී.

මෙම ප්‍රකාශයන්වල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට factseeker කටයුතු කළේය.

“දියවඩන නිළමේ කියන පුද්ගලයාගේ රළු හැසිරීම පිළිකුල් සහගතයි” – අපගේ නීතීවේදීන් දැනටමත් ඔහුට ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි” යන ප්‍රකාශය පිළිබඳ අවධානය යොමුකිරීමේදී factseeker මුලින් ම “දසත පුවත්”   වෙබ් අඩවිය පරීක්ෂා කර බැලූ අතර එහි එවැනි පුවතක් පළකර නොතිබුණි. ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටු තුළ ද එවැන්නක් සඳහන් කර නොතිබුණි.

මේ සම්බන්ධයෙන් ආචාර්ය හරිනි අමරසුරියගෙන් කළ විමසීමේදී ඇය පැවසුවේ, මෙවැනි කිසිදු ප්‍රකාශයක් තමන් විසින් නොකළ බවයි. එමෙන්ම තමන් දළදා පෙරහර සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව ද ඇය සඳහන් කළාය.

මේ අතර හුවමාරු වූ “භික්ෂු සමුළුව මාලිමාවේ වැඩක් නෙවෙයි ඒක ජවිපෙ වැඩක්. කිසිසේත්ම මාලිමාව ජාතිවාදී තැනකට තල්ලු වෙන්නේ නැහැ” යන ප්‍රකාශය “සිරස News 1st”  ලාංඡනය සහිතව හුවමාරු වී තිබිණි.

එම මාධ්‍ය ආයතනය මේ පිළිබඳව පළකිරීමක් සිදුකර ඇතිද යන්න සොයා බැලු අතර ඔවුන්ගේ වෙබ් අඩවි සහ නිල සමාජ මාධ්‍ය තුළ ද එවැන්නක් පළකර නොතිබුණි.  මේ සම්බන්ධයෙන් සිරස ආයතනයෙන්ද විමසීමක් කළ අතර ඔවුන්ද පැවසුයේ එවැනි පුවතක් පළ නොකළ බවයි.

එමෙන්ම අනෙතුත් ප්‍රධාන මාධ්‍ය ආයතන මෙම පුවත වාර්තාකර ඇද්දැයි සොයා බැලු අතර එවැන්නක් ද සොයා ගැනීමට නොහැකි විය.

Factseeker මේ සම්බන්ධයෙන් හරිනි අමරසුරියගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය පැවසුවේ මෙවැනි ප්‍රකාශයක් තමන් සිදු නොකළ බවයි. මේ දිනවල තමා ඉලක්ක කරගනිමින් විවිධ අසත්‍ය ප්‍රකාශ පළ කරන බවත් හරිනි මන්ත්‍රීවරිය සඳහන් කළේය.

ඒ අනුව “දියවඩන නිළමේ කියන පුද්ගලයාගේ රළු හැසිරීම පිළිකුල් සහගතයි”  යන ප්‍රකාශය සහ “භික්ෂු සමුළුව මාලිමාවේ වැඩක් නෙවෙයි, ඒක ජවිපෙ වැඩක්. කිසිසේත්ම මාලිමාව ජාතිවාදී තැනකට තල්ලු වෙන්නේ නැහැ” යනුවෙන් ආචාර්ය හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය සිදුකළේ යැයි සඳහන් ප්‍රකාශයන් අසත්‍ය  බව Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection