Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

හරිනි අමරසූරිය එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරිනියක්

False
False

අගමැතිනි හරිනි අමරසූරියට ඇත්තේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයෙන් මාස තුනක අධි ශිෂ්‍යත්වයක් පමණක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලවල පෝස්ටු සංසරණය වන බව FactSeeker නිරීක්ෂණය කළේ ය

by Anonymous |

දෙසැම්බර් 13, 2024

සමාජ මාධ්‍ය පරිශීලකයින් ද මෙයට එකඟ වෙමින් අදහස් දක්වා තිබීම නිසා FactSeeker මෙහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලීය.

https://www.facebook.com/share/p/19jT6nNGQu/

ඒ අනුව  හරිනි අමරසූරියගේ Linkedln ගිණුම තුළ ඇගේ අධ්‍යාපන සුදුසුකම් අන්තර් ගත කර ඇති අතර එහි ඇගේ පශ්චාත් උපාධිය එඩින්බර්ග් විශ්වවිද්‍යාලයෙන් හා ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලයෙන් ලබා ඇති බව සඳහන් කර ඇත.

පසුව එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් පිටුව තුළ හරිනි අමරසූරිය අගමැතිවරිය ලෙස පත්වීම  සම්බන්ධයෙන්  සුබපැතුම් එක් කරමින් පළ කර තිබූ සටහන් හමුවිය.

මෙහි පැහැදිළි ලෙස සඳහන් කර තිබුණේ, 2010 වසරේදී හරිනි අමරසූරිය සමාජ මානව විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ඇති බවයි.

https://www.sps.ed.ac.uk/news-events/news/sps-graduate-appointed-prime-minister-sri-lanka

ඇය 2019 සිට එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයේ නම් කරන ලද සාමාජිකාවක් ලෙස සම්බන්ධ වී ඇති අතර මාස තුනක පමණ කාලයක් එහි කටයුතු කර ඇත. එහිදී ඇය ශ්‍රී ලංකාවේ විසම්මුතිය පිළිබඳ ව්‍යාපෘතියක් කර තිබේ. ඉන්පසු හරිනි අමරසූරිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වීම නිසා එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයේ නම් කරන ලද සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

https://www.iash.ed.ac.uk/news/former-fellow-becomes-prime-minister-sri-lanka

මීට අමතරව හරිනි අමරසූරිය පිළිබඳ සඳහන් කරමින් ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලයේ නිල වෙබ් පිටුවෙහිද සටහනක් දක්නට ලැබුණි.

https://www.qmu.ac.uk/news-and-events/news/20241121-qmu-graduate-appointed-prime-minister-of-sri-lanka

මේ අනුව මෙම කරුණු පරික්ෂා කිරීමේදී පශ්චාත් උපාධියක් නොමැති බව සහ එය මාස 03ක අධිශිෂ්‍යත්වයක් බව දක්වමින් සමාජ මාධ්‍ වල පලවන පෝස්ටු අසත්‍ය වන අතර ඇය එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරිනියක් බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection