හදිසි වර්ෂාව ගංවතුර ඇති වූයේ මෙරට දිය ඇල්ලක ද?
මේ දිනවල පවතන අධික වර්ෂාපතනය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ. මේ අතර අධික වර්ෂාව සමඟ දිය ඇල්ලක ජලය එකවර වැඩිවී ගංවතුර තත්වයක් ඇතිවන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුමවාරු වෙමින් පවතී.
by Anonymous |
ජූනි 5, 2024
මෙය ලංකාවේ වු සිදුවීමක් ලෙස බොහෝ දෙනෙකු අදහස් පවතින නිසා මෙය ලංකාවේ සිදුවුවක්ද යන්න factseeker සොයා බැලීය.
මේ පිළිබඳ සොයා බැලීමේදී ප්‍රධාන මාධ්‍ය මේ සම්බන්යෙන් වාර්තා කර ඇත්දැයි සොයා බැලු අතර එවැන්නක් සොයාගැනීමට නොහැකි විය.
එමෙන්ම මෙම විඩියෝවේ පුද්ගලයින් සම්බන්ධයෙන් සමීපව බලනවිට ඔවුන්ගේ බාහිර ස්වරූපය ලංකාවේ සංස්කෘතියට වඩා වෙනස්කම් පවතින බව නිරීක්ෂණය විය. මේ හේතුවෙන් Google Search any image with Lens පහසුකම සහ InVID හරහා සොයා බැලීමේදී මෙය ඉන්දියාවේ සිදු වුවක් බව තහවුරු විය.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තෙන්කාසි පළාතට ඇදහැළුණු අධික වර්ෂාපතනය නිසා පැරණි කුට්රාලම් (Old Courtrallam) ඇල්ලට වැඩි ජලය ධාරිතාවක් ලැබීම නිසා,ගංවතුර තත්වයක් ඇතුවු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ අනුව මෙම සිදුවීම 2024 මැයි මස 17 දා ඉන්දියාවේ පැරණි කුට්රාලම් (Old Courtallam waterfalls) දිය ඇල්ල ආශ්‍රිතව සිදු වුවක් බව factseeker තහවුරු කරයි.