Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

හදිසියේ මිය ගිය ජනාධිපති අපේක්ෂක ඉල්යාස් ගේ නම නිල ඡන්ද පත්‍රිකාවේ තියෙන්නේ ඇයි?

Factual
Factual

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ අහිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා පසුගිය අගෝස්තු මස 22 වනදා අභාවප්‍රාප්ත වීමත් සමග ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන අපේක්ෂකයන්ගේ ගණන සම්බන්ධයෙන් සමාජයේ යම් කතාබහක් මතු විය. ඒ අනුව මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට FactSeeker කටයුතු කළෙමු.

by Anonymous |

සැප්තැම්බර් 13, 2024

මුහම්මද් ඉල්යාස්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ අපේක්ෂකත්වයට වෙනත් අයෙකු නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම පාර්ශ්වයට පසුගියදා දැනුම් දී තිබූ අතර නමක් යෝජනා කිරීම සඳහා ලබාදී තිබූ කාලය 2024 සැප්තැම්බර් මස 05 වන දිනෙන් අවසන් විය.

මුහම්මද් ඉල්යාස්  1990දී යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වන අතර 2010, 2015, 2019 ජනාධිපතිවරණ සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව තිබේ. ඒ අනුව 2024 වසර ද ඇතුළත්ව ඔහු සිව්වරක් ජනාධිපතිවරණය සඳහා තරඟ කර ඇත.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31. (1) අනු ව්‍යවස්ථාව මගින් දක්වා ඇත. මුහම්මද් ඉල්යාස් ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කළ අපේක්ෂකයෙකු විය.

”31. (1) ජනාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති කවර වූ හෝ පුරවැසියකුගේ නම —

(අ) පිළිගත් දේශපාලන පක්ෂයක් විසින්; හෝ

(ආ) ඔහු ව්‍යවස්ථාදායකයෙහි තෝරා පත් කළ මන්ත්‍රීවරයෙක්ව සිටී නම් නැතහොත් එසේ මන්ත්‍රීවරයෙක්ව සිටියේ නම්, වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ යම්කිසි ඡන්දහිමි නාමලේඛනයක නම ඇතුළත් ඡන්ද හිමියකු විසින්; හෝ

ජනාධිපති ධුරය සඳහා යෝජනා කරනු ලැබිය හැක්කේ ය.“

ඒ අනුව, මුහම්මද් ඉල්යාස් මහතාගෙන් පුරප්පාඩු වූ අපේක්ෂකත්වයට හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් කිරීමේ අවශ්‍යතාවක් පැවතුණි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීම සඳහා අභාවප්‍රාප්ත මුහම්මද් ඉල්යාස්ගේ බිරිඳ වන මොහොමඩ් ඉල්යාස් ජමීනාගෙන් Factseeker කළ විමසීමේදී ඇය සඳහන් කළේ, අදාළ පුරප්පාඩුවට තමාගේ නම යෝජනා කළ බවත් ඇය ව්‍යවස්ථාදායකයේ හිටපු හෝ වත්මන් සාමාජිකයෙකු නොවීම නිසා මැතිවරණ කොමිෂන් සභාව අදාළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත්ය. හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සොයා ගැනීමට නොහැකි වූ බැවින් එම පුරප්පාඩුව සඳහා කිසිවෙකු නම් කිරීමට අපොහොසත් වූ බව ඇය පෙන්වා දුන්නාය.

මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් අප කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ, ඇය මැතිවරණ කාර්යාලයෙන් ඉල්ලීමක් කර නැති බවයි. පවතින නීතියට අනුව පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂක පුරප්පාඩුවක් සඳහා ඕනෑම අයෙකු නම් කිරීමේ හැකියාව පැවතුණ ද, ස්වාධීන අපේක්ෂකයෙකුගේ පුරප්පාඩුවක් සඳහා ආදේශ කළ හැක්කේ හිටපු හෝ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරියක පමණක් බව ද කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

ඡන්ද පත්‍රිකා මේ වනවිට මුද්‍රණය කර අවසන් පසුබිමක අහිදුරුස් මුහම්මද් ඉල්යාස්ගේ නම ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් නොකරන බවත්, ඔහු වෙනුවෙන් සලකුණු කරන ඡන්ද හෝ මනාප අවලංගු වන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිල ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයින් 39 දෙනෙකුගේ නම් සහ සලකුණු ප්‍රදර්ශනය වේ. එහි හතර වෙනි ස්ථානයේ ඇත්තේ, අහිදුරුස් ‘මුහම්මද් ඉල්යාස්’ මහතාගේ නම සහ ‘එන්නත් සිරින්ජය’ සලකුණ ය.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන සහ දේශපාලන විවේචන පිළිබද පැහැදිලි කිරීමක්

දෙසැම්බර් 10, 2025

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස නේපාලයෙන් පිටුවහල් කළේ අත්අඩංගුවට ගැනීමට පෙර ද?

ඔක්තෝබර් 21, 2025

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකිද ?

සැප්තැම්බර් 24, 2025

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

ජනවාරි 30, 2025

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

ජනවාරි 6, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection