Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

සිසුන්ට සහ දෙමාපියන්ට තර්ජනය කරන මෙම පෝස්ටු ඇත්තක්ද?

False
False

අන්තර් ජාලය ඔස්සේ  ආදර ගීත සහ අධ්‍යාපනික නොවන සංදර්ශන ඉදිරිපත් කරන වයස අවුරුදු 18 ට අඩු දරුවන් සම්බන්ධයෙන් හුවමාරු වන සමාජ මාධ්‍ය පෝස්ටු නිසා මේ වන විට මහත් කැළඹීමක් ඇති වී ති‌බේ.

by Anonymous |

පෙබරවාරි 27, 2024

අන්තර් ජාලය ඔස්සේ  ආදර ගීත සහ අධ්‍යාපනික නොවන සංදර්ශන ඉදිරිපත් කරන වයස අවුරුදු 18 ට අඩු දරුවන් පුනරුත්ථාපනය කර ඔවුන්ගේ දෙමාපියන්ට මාස තුනක සිර දඩුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන බවට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පෝස්ටුවක් නිසා මහත් කැළඹීමක් ඇති වී තිබේ.

” වයස අවුරුදු 18 ට අඩු දරුවන් අන්තර්ජාලය ඔස්සේ ආදර ගීත සහ අධ්‍යාපනික නොවන සංදර්ශන ඉදිරිපත් කරන දෙමාපියන්ට මාස තුනක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් සහ වීඩියෝ කළ දරුවන්ට වසර දෙකක කාලයක් පුනරුත්ථාපනයට ” යනුවෙන් මෙම පෝස්ටුව හුවමාරු වෙමින් පවතී.

මෙය රාජ්‍ය ලාංඡනය සහිත රජය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් බව පවසමින් බොහෝ දෙනා මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බව Factseeker ට නිරීක්ෂණය කළේ ය.

ඒ අනුව Factseeker එහි සත්‍යතාව විමර්ශනය කළ අතර එය ව්‍යාජ දැනුම්දීමක් බව සොයා ගන්නා ලදී.

රජය එවැනි කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත් කැබිනට් මණ්ඩලයේදී හෝ එවැනි තීරණයක් ගෙන නොමැති බවත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් එච්.ටී. කුෂාන් සමීරගෙන් කරුණු විමසූ විට ඔහු පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි තීරණයක් ගෙන නොමැති බවත් එය අසත්‍ය ප්‍රකාශයක් බවත්ය.

එබැවින් හුවමාරු වන මෙම පෝස්ටුව රජයේ දැනුම් දීමක් ලෙස බෙදා හැරීම ව්‍යාජ එකක් බව Factseeker තහවුරු කරයි.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection