Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #false

සිරිපා වන්දනාවේ යන හස්තියාගේ වීඩියෝව AI නිර්මාණයකි.

False
False

අවාරයේ සිරිපා කරුණා කරන හස්තියෙකුගේ යැයි සදහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය. මෙම වීඩියෝවේ හස්තියා මීදුමෙන් වැසී ඇති ශ්‍රී පාදස්ථානයට ගමන් කිරීමට ඇති පඩිපෙළ ඔස්සේ පහළට ගමන් කරන බවක් නිරූපණය වෙයි.

by Anonymous |

ඔක්තෝබර් 9, 2025

වීඩියෝවේ හස්තියාගේ පිටුපසින් යම් පුද්ගලයෙකු වීඩියෝගත කරමින් පැමිණෙන බව පෙනේ. එමෙන්ම හස්තියා පඩිපෙළ දිගේ ගමන් කරන අකාරය ද අස්වාභාවික බවක් පෙනෙන්නට නොතිබුණී.

 

මෙම වීඩියෝව බොහෝ දෙනෙක් අතර සංසරණය වී තිබූ අතර සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් මේ පිළිබදවද පරස්පර අදහස් දැක්වීම් කර තිබුණි. ඒ අතර ඇතැම් පරිශීලකයින් මෙම සිදුවීම ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බව දක්වා තිබුණ අතර ඇතැම්හු එය සත්‍ය ලෙස සලකා අදහස් දක්වා තිබුණි.

 

ඒ අනුව මෙම අදහස් දැක්වීම් වල ඇති පරස්පරතා හා මෙම වීඩියෝවේ අස්වාභාවික ලක්ෂණ හේතුවෙන් මේ  පිළිබදව FactSeeker විමර්ෂණය කළේය.

ඒ අනුව අදාළ වීඩියෝව AI තාක්ෂණය හඳුනා ගන්නා වෙබ් අඩවි මෙවලම් යොදාගනිමින් විශ්ලේෂණය කර බැලීමේදී අදාළ වීඩියෝව AI තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කරන ලද්දක් බව අනාවරණය විය.

මෙම කරුණු අනුව අවාරයේ සිරිපා වන්දනාවේ යෙදුනු හස්තියෙකුගේ යැයි දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ වීඩියෝව AI තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කරන ලද්දක් බව FactSeeker තහවුරු කරගන්නා ලදී.

Latest updates

#Fact checked

කරුණු විමර්ශනය: ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැන් වීසා හෝ ETA අවශ්‍ය නොවේ

පෙබරවාරි 18, 2026

uncategorized

මියගිය අරුල් පයාස්ගේ වයස අවුරුදු 17කි: පොලිස් වාර්තා පරස්පරයි

පෙබරවාරි 16, 2026

#fake

ජනාධිපති අනුර කුමාර දිසානායක තේ කූඩයක් රැගෙන යන බවට පළවන ඡායාරූපය සංස්කරණය කරන ලද්දකි.

පෙබරවාරි 16, 2026

#false

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

Related Content

පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

පෙබරවාරි 9, 2026

රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ජනවාරි 30, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනවාරි 27, 2026

ලතා වල්පොල මියගොස් ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙසැම්බර් 16, 2025

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් චූදිතයන් නිදොස් කොට නිදහස් කර නොමැත.

දෙසැම්බර් 12, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2026 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection