Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Fact checked

සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඡායාරූප ට්‍රම්ප්ගේ වෙඩික්කරුගේ ද?

Factual
Factual

ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් සිටියදි පසුගියදා (13) වෙඩි ප්‍රහාරයක් එල්ල විය.

by Anonymous |

ජූලි 24, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙඩික්කරු කවුරුන්ද? යන්න පිළිබදව ලෝකය පුරා ජනමාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබූ අතර වෙඩික්කරු ලෙස සදහන් කරමින් ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහා ද හුවමාරු වෙමින් තිබිණි.

මෙසේ හුවමාරු වන ඡායාරූප අදාළ වෙඩික්කරුගේ ඡායාරූප ද යන්න පිළිබදව factseeker  සොයා බැලීය.

ඩොනල් ට්‍රම්ප්ට වෙඩි තැබූ තෝමස් මැතිව් කෲක්ස් එම සිද්ධිය වී තත්පර කිහිපයක් ඇතුළත ට්‍රම්ප්ගේ ආරක්ෂක සේවය විසින් වෙඩි තබා ඝාතනය පත්කළ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කළේය.

මෙම වෙඩික්කරු පෙන්සිල්වේනියාවේ බෙතෙල් පාර්ක්හි වෙසෙන 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නමැති තරුණයෙකු බවට, DNA සහ facial recognition ඔස්සේ  හඳුනා ගත් බව FBI ආයතනය ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

FBI වාර්තාව – https://www.fbi.gov/news/press-releases/update-on-the-fbi-investigation-of-the-attempted-assassination-of-former-president-donald-trump

මේ අතර මැතිව්ස් කෘෘක්ස් සිය උසස් අධ්‍යාපනය ලද පාසලෙන් 2022 දී  උපාධි ලබාගත් අවස්ථාවේ සේයාරුවක් පාසලේ වීඩියෝවකින් AP පුවත් සේවය මගින් උපුටාගෙන ප්‍රකාශයට පත්කර තිබුණි.

කෙසේවෙතත් මෙම රූපයට වඩා වෙනස් පුද්ගලයින්ගේ ඡායාරූප වෙඩික්කරු යැයි සඳහන් කර සමාජ මාධ්‍ය තුළ හුමවාරු විය.

 

මෙහිදී ට්‍රම්ප්ගේ වෙඩික්කරු ලෙස මුලින්ම ප්‍රචාරය වූයේ මාර්කෝ වයලී නැමැති අයෙක් බව සදහන් කරමින් ඔහුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය සටහන්වල පළ කෙරිණි.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර ගිය ඡායාරුපයේ හිමිකරු වන මාර්කෝ වයලී ඉතාලි ජාතිකයෙක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහු ඉතාලි භාෂාවෙන් සමාජ මාධ්‍ය සටහනක් එක්කරමින් පවසා තිබුනේ මෙම වෙඩිතැබීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එය ව්‍යාජ පුවතක් බවත් ඒ හරහා තමන් දැඩිලෙස අපහසුතාවයට පත්වු බවත් හෙතෙම සඳහන් කර තිබුණි.

එමෙන්ම පසුව සමාජ මාධ්‍ය තුළ ජනතාව නොමග යැවීමට මෙලෙස ඡායාරුප පළකර ඇති බව දැකගන්නට ලැබුණි.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා FBI ආයතනය තහවුරු කළ තෝමස් මැතිව් කෲක්ස් බවත් හුවමාරු වන ඡායාරූප ව්‍යාජ බවත් Factseeker තහවුරු කරයි.

 

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

මාර්තු 25, 2025

වීරකැටිය සමූපකාර නිලවරණය පැවැත්වුණේ පුංචි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද?

මාර්තු 24, 2025

ජනපති අනුර පළමු අයවැයෙන් දුන් පොරොන්දු ඉටු කළා ද?

පෙබරවාරි 21, 2025

ජනපති රනිල් ජනාධිපතිවරණයට එන්නේ “හදවත” ලාංඡනයෙන්ද?

ජූලි 31, 2024

පිටිදූවේ සිරිධම්ම හිමි සංඝයාවහන්සේලාට LouisVuitton වර්ගයේ පිරිකර ලබාදුන්නේද?

ජූලි 26, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection