සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝව නුවර පෙරහැරේ ඇතාගේ ද?
"නුවර පෙරහැරේ ඇතා" ලෙසින් ඇතෙකු මහා මාර්ගයේ රංගනයක යෙදෙන වීඩියෝවක් මේ වන විට ෆේස්බුක් පිටුවේ බොහෝ දෙනෙකු විසින් හුවමාරු කර ගෙන ඇති බව Factseeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
පෙබරවාරි 29, 2024
කෙසේ වෙතත්, මෙම වීඩියෝව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවති උත්සවයකදී පටිගත කර ඇති බවත් X, Tiktok සහ YouTube වැනි වේදිකාවල බහුලව හුවමාරු වන බවත් Factseekerට නිරීක්ෂණය කිරීමට හැකි විය.
මෙය පුද්ගලයින් දෙදෙනෙකු අලියෙකු ලෙස සැරසී සංගීත වාදනයකට රංගනයක යෙදෙන වීඩියෝවකි.
එම වීඩියෝව මෙතැනින් – https://www.youtube.com/watch?v=bYjWzR9VqgA
එබැවින් “නුවර පෙරහැරේ ඇතා” ලෙසින් හුවමාරු වන වීඩියෝව ශ්‍රී ලංකාවේ සිදුවීමක් නොවන බව Factseeker තහවුරු කරයි.